සාම්පූර් සූර්ය විදුලි බලාගාරය ළඟදීම

    June, 29, 2017

    ඉන්දීය රජයේ ආධාර ඇතිව ත්‍රිකුණාමලය සාම්පූර් හි ඉදිකිරීමට යෝජිත සූර්ය විදුලි බලාගාරයේ කටයුතු ඉකා ඉක්මනින් ආරම්භ වීමට නියමිත බව ‘ද හින්දු‘ පුවත් සේවය සඳහන් කර සිටී. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ඒ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු තහවුරු කළ බව ‘ද හින්දු‘ පුවත් සේවය වැඩිදුරටත් පවසයි.

    පසුගිය අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර අත්සන් තැබුණු අවබෝධතා ගිවිසුමකට අනුව කොළඹට තදාසන්න ප්‍රදේශයක ද්‍රැවීය ස්වභාවික වායු බලාගාරයක් හා සාම්පූර් හි සූර්ය විදුලි බලාගාරයක් ස්ථාපිත කිරීමට සාකච්ඡා වී ඇත.

    මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු වන සුලක්ෂණ ජයවර්ධන ‘ද හින්දු‘ වෙත පවසා ඇත්තේ මෙගාවොට් 50 ක සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීම වෙනුවෙන් අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතින බවයි.