July, 3, 2017
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය විසින් මෙරට සිටින සිය පුරවැසියන් හට අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ. එනම් කොළඹ නගරයේ දී කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමෙන් වළකින ලෙස ඇමරිකානු කාන්තාවන්ට අනතුරු අඟවමිනි.
කුලී ත්‍රී රෝද රථවල ගමන් කිරීමේ දී කාන්තාවන්ට හිරිහැර කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති බවත්, මේ හේතුව මත තනිවම ත්‍රී රෝද රථවල ගමන් කිරීමෙන් වළකින ලෙසත් මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය දැනුම් දී සිටී.
එසේම පොදු ස්ථානවල දී මෙන්ම තම නිවසේ දී ද මෙවැනි අතවරයන්ට ලක් වීමේ අවදානම් ඇත්නම් ඒ සඳහා අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන කිහිපයක් ද මෙරට ඇමරිකානු තානාපති කාර්යාලයීය නිල වෙබ් අඩවියේ දක්වා ඇත.
එසේ නිර්දේශ කර ඇති ආරක්ෂක විධිවිධාන පහත දැක්වේ.
• Females should avoid traveling in Tuk-tuks alone in Colombo.
• If you have to travel alone (especially at night) use a company that tracks your ride rather than Tuk-tuks and make sure family members or friends know your travel plans.
• Take pictures of the Tuk driver and vehicle license plate prior to getting inside.
• Many of the reported incidents occurred at the end of the ride – be extra vigilant during this time and try to limit time alone inside the Tuk.
• Place physical barriers (bags, etc) between yourself and the driver.
• Do not be afraid to use force if needed – make noise, be assertive, and strike back to defend yourself. Doing so will not only draw attention to the scene, but can also startle the attacker
• Pay attention to your surroundings, and know your location in case you have to call for assistance
• Do not make yourself a target for criminals – flashing expensive jewelry or large amounts of cash can make you a target
• Lock your doors, including when you are at home
• Carry your cell phone and ensure it is charged or carry a back-up charger. Have emergency numbers saved on your contacts list
Video Story