July, 4, 2017
Mercedes-Benz පවුලේ නවතම සාමාජිකයා වන 2017 GLA හෙට (05) නිල වශයෙන් ඉන්දීය වෙළෙඳපොළට හඳුන්වා දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. දැනට තිබෙන GLA මාදිලියට වඩා මෙහි ඇතුළත හා පිටත නිමාවන් හි වැඩිදියුණු කිරීම් ගණනාවක් සිදුව ඇති බව වාර්තා වේ.
Mercedes-Benz 2017 GLA ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දීම පසුගිය 2017 ජනවාරි මාසයේ දී Detroit motor show හිදී සිදුකෙරිණි.
ඉන්දියානු රුපියල් ලක්ෂ 31 සිට ලක්ෂ 35 දක්වා මිල ගණන්වලට මෙම වාහනය ඉන්දීය වෙළෙඳපොළට පැමිණෙන අතර Audi Q3, BMW X1 හා Mini Clubman මෝටර් රථ මෙහි ප්‍රධාන තරඟකරුවන් ලෙස සැලකේ.
Video Story