ICT පිළිබඳ බංග්ලාදේශය සමග අවබෝධතා ගිවිසුමක්

    July, 5, 2017

    තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය හා ඩිජිටල් තාක්ෂණ ක්ෂේත්‍රවලට අදාළ සංවර්ධන සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී ඇත.

    යෝජිත අවබෝධතා ගිවිසුමේ කෙටුම්පත් සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දෙරට අතර එකඟතාව ඇති කරගෙන ඇති අතර නුදුරේ දී බංග්ලාදේශයේ සිදුකිරීමට නියමිත ජනාධිපතිතුමාගේ නිල සංචාරය අතරතුර දී අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.