July, 5, 2017
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 24.37 කින් පහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,709.76 ක් ලෙසින් සටහන් විය. මේ අතතර S&P Sl20 දර්ශකය ද දිනය තුළ දී ඒකක 13.47 කින් පහළ ගිය අතර එහි අගය සටහන් වූයේ ඒකක 3,907.12 ක් ලෙසිනි.
අද දින වාර්තා වූ පිරිවැටුමේ වටිනාකම රුපියල් මිලියන 854.73 කි.
මෙහිදී කැපී පෙණුනු කරුණක් වූයේ දේශීය ආයෝජකයින්ට වඩා විදේශීය ආයෝජකයින් අද දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඉහළ සක්‍රීයභාවයක් පෙන්නුම් කිරීමයි.
දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 660.75 ක්වූ අතර විදේශීය විකිණුම් රුපියල් මිලියන 604.63 ක් විය. මෙය දෛනික පිරිවැටුම් වටිනාකමින් පිළිවෙලින් 77% ක් හා 70% ක් වේ.
අද දින වාර්තා වූ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 193.98 ක් හා දේශීය විකිණුම් රුපියල් මිලියන 250 කි.
දිනය තුළ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 4 ක් වාර්තා විය. එහිදී හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස් 354,063 ක් රු. 153.00 බැගින්, කොසර්ෂල් බැංකුවේ කොටස් 313,838 ක් රු. 140.00 බැගින්, ඩයලොග් සමාගමේ කොටස් 2,862,001 ක් රු. 11.90 බැගින් හා සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් කොටස් 135,000 ක් රු. 850.00 බැගින් ගනුදෙනු වී තිබිණි.
අද දින මිල ඉහළ ගිය සමාගම් අතුරින් රිචඩ් පීරිස් සමාගම වඩාත් කැපී පෙනුනේ දිනය තුළ දී රු. 9.90 සිට රු. 10.60 දක්වා 7% ක මිල වර්ධනයක් වාර්තා කළ බැවිනි. එහිදී රිචඩ් පීරිස් කොටස් මිලියන 2.4 ක් ගනුදෙනු වී තිබුණු අතර රුපියල් මිලියන 24.79 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.
2017 වසරේ මේ දක්වා කාලය තුළ 7.73% ක වර්ධනයක් කොළඹ කොටස් වෙළෙඳපොළ අත්පත් කර ගෙන තිබේ.
Video Story