July, 6, 2017
මූල්‍ය අංශ නවීකරණ ව්‍යාපෘතිය සඳහා ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය (IDA) වෙතින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබාගැනීම සඳහා ණය සම්මුති සාකච්ඡා පැවැත්වීමට මීට පෙර ලබාගත් අනුමැතිය යටතේ සාකච්ඡා පවත්වා ඇත.
එහිදී මුලින් යෝජනා කළ ලෝක බැංකුවේ දාහත්වන මූල්‍ය වර්ෂයේ 3 වන කාර්තුව සඳහා අදාළ වූ වාර්ෂික පොලී අනුපාතය වන 3.20% අදාළ සාකච්ඡා සම්මුති පවත්වන ලද අවස්ථාව වන විට දී 3.36% ක් ලෙස සංශෝධනය වී තිබූ බැවින් නව පොලී අනුපාතය යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 75කට සමාන විශේෂ හැර ගැණුම් හිමිකම් ව්‍යවහාර (SDR) මිලියන 55.4ක ණය මුදලක් ලබාගැනීම පිණිස ලෝක බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය සමඟ අදාළ ණය ගිවිසුම්වලට එළඹීම සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story