පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු අත්හිටුවයි

    July, 6, 2017

    ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, අද (2017 ජූලි මස 06) දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් අද (2017 ජූලි මස 06) දින පස්වරු 4.30 සිට බලපැවැත්වෙන පරිදි මාස හයක (06) කාලසීමාවක් සඳහා අත්හිටුවීමට තීරණය කර තිබේ.

    මෙම නියාමන ක්‍රියාමාර්ගය වෙළෙඳපොළ කටයුතු කෙරෙහි අගතිදායක නොවන බවට සහතික වීමේ කාර්යය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ගනුදෙනුකරුවන්ගේ සහ ප්‍රතිපාර්ශවයන්ගේ හිමිකම්වලට හානි නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග නිසි පරිදි ගනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.