මිලියන 65,000 ක බැඳුම්කර නිකුතුවක් හෙට. පර්පෙචුවල්ට නෝ චාන්ස්

    July, 10, 2017

    හෙට (ජූලි 11) දිනයේ දී රුපියල් මිලියන 65,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් කැඳවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

    මෙහිදී 2021, 2023, 2025 හා 2027 යන වසරවල දී කල්පිරෙන පරිද්දෙන් කාණ්ඩ 4 ක් යටතේ වන භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය.

    මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවන බවත් ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණක් බවත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

    මේ අතර රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළේ ප්‍රාථමික අලෙවිකරුවකු වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් සමාගමට මෙම නිකුතුව සඳහා ලංසු ඉදිරිපත් කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් හි ව්‍යාපාර කටයුතු මාස 06 ක කාලයකට මේ වන විට අත්හිටුවා ඇති බැවිනි.

    හෙට දින පැවැත්වෙන වෙන්දේසිය පිළිබඳ සාරාංශ සටහනක් පහත දැක්වේ.