2017 චීනයේ ගුවාන්ක්ෂි නිපැයුම් ප‍්‍රදර්ශනය කොළඹ දී

    July, 11, 2017

    චීනයේ ගුවාන්ක්ෂි පළාතේ කර්මාන්ත සහ නිපැයුම් හඳුන්වා දෙමින් ශී‍්‍ර ලංකාව සහ චීනය අතර ආර්ථික හා වෙළෙඳ සහයෝගිතාව තව දුරටත් වර්ධනය කිරීමේ අරමුණින් යුතුව ගුවාන්ක්ෂි ෂුවාන්ග් ස්වයංපාලිත ප‍්‍රදේශයේ වාණිජ දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරනු ලබන  ‘2017 චීන ගුවාන්ක්ෂි  නිපැයුම් ප‍්‍රදර්ශනය’  ජූලි මස 14-16 දක්වා ශී‍්‍ර ලංකා ප‍්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා අනුග‍්‍රාහකත්වය දක්වනු ලබන්නේ ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කවුන්සිලර් කාර්යාලය, ශී‍්‍ර ලංකා කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකා චීන වාණිජ මණ්ඩලය, ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩල සහ කර්මාන්ත සම්මේලනය හා ශී‍්‍ර ලංකා චීන ව්‍යාපාරික කවුන්සිලය යන ආයතනයයි.

     

    2017 චීන ගුවාන්ක්ෂි නිපැයුම් ප‍්‍රදර්ශනය (ශී‍්‍ර ලංකාව) දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා දින 3ක් පුරා පැවැත්වෙනු ඇත. මෙහි සමාරම්භක උළෙල ජූලි 14 වනදා පෙරවරු 10.00ට ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික හා වාණිජ කවුන්සිලර් කාර්යාලය, ශී‍්‍ර ලංකා කර්මාන්ත සහ වාණිජ අමාත්‍යාංශය, ශී‍්‍ර ලංකාවේ මුල් පෙලේ වාණිජ මණ්ඩල ආදියේ ඉහළ නිලධාරීන් හා සෙසු අමුත්තන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. මෙම සමාරම්භක අවස්ථාවට සහභාගි වන ලෙස කර්මාන්ත හා වාණිජ, දේශපාලන, මාධ්‍ය ආදී සියලූ ක්ෂේත‍්‍රවල ආගන්තුකයින්ට සංවිධායකයින් සාදරයෙන් ඇරයුම් කරයි.

     

    ගුවාන්ක්ෂි පාලනය විසින් ශී‍්‍ර ලංකාවේ නිපැයුම් ප‍්‍රදර්ශනයක් පවත්වනු ලබන්නේ ප‍්‍රථම වතාවටය. මෙම ප‍්‍රදර්ශනය අලෙවි කුටි 30කින් සමන්විත වන අතර එ් අතරින් 27ක් ගුවාන්ක්ෂි පලාත නියෝජනය කරන  අලෙවි කුටි වේ. එසේම මෙම ප‍්‍රදර්ශනය ඉලෙක්ට්‍රොනික් නිෂ්පාදන, ඉදිකිරීම් අමුද්‍රව්‍ය හා යන්ත‍්‍ර සූත‍්‍ර, ආහාර හා තේ කොළ, රෙදි පිළි, අත්කම් යන කාණ්ඩ 5 යටතේ සංවිධානය කෙරෙන අතර ඉහළම අලෙවියක් සහිත එරට ජනපි‍්‍රය නිෂ්පාදන මෙන්ම උසස් ප‍්‍රමිතියකින් යුත් නවතම නිෂ්පාදන රැසක්ද ඊට අඩංගු වේ.

     

    මෑත වකවානුවේ ශී‍්‍ර ලංකාව හා චීනය අතර වෙළෙඳ ගනුදෙනුවල විශාල වර්ධනයක් දක්නට ලැබිණ. චීන රේගු වාර්තාවන්ට අනුව 2016 වසරේ දෙරට අතර ද්වි පාර්ශ්වික වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.287 කි. මේ අතරින් චීනය ඇමරිකානු ඩොලර් බිලියන 4.287ක අපනයනයක් ශී‍්‍ර ලංකාව වෙත සිදුකළ අතර ඩොලර් මිලියන 273ක ආනයනයක් ශී‍්‍ර ලංකාව වෙතින් සිදු කරමින් ශී‍්‍ර ලංකාවේ විශාලතම වෙළෙඳ සහකරු බවට පත්විය.

     

    2017 චීන ජනාධිපති ක්ෂී ජින්පින්ග් විසින් යෝජනා කරන ලද  “the Belt and Road” නවෝත්පාදනය සඳහා ගුවාන්ක්ෂි වැදගත් භූමිකාවක නිරතවේ. ජනාධිපතිවරයා ගුවාන්ක්ෂිි හි සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවේදී එය ප‍්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ගුවාන්ක්ෂි සතුව බොහෝ සුදුසුකම් පවතින බව පෙන්වා දෙන ලදි. ගුවාන්ක්ෂි අධික ඛනිජ සම්පත්, කෘෂි කර්මාන්තය, වන සම්පත, සංචාරක, සාගර ආදි සම්පත් වලින් ඉතා පොහොසත් භූමි ප‍්‍රදේශයකි, ඉතා වැදගත් කර්මාන්ත මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන එය නිරිත දිග චීනයේ පිහිටි එකම සාගර වරායද වන්නේය. 2016 වසරේ ගුවාන්ක්ෂි හි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 274.68 ක් වූ අතර එහි අපනයන හා ආනයන වෙළෙඳ අගය ඩොලර් බිලියන 47.9 ක් විය. මේ අනුව නව ඓතිහාසික අවස්ථාවක ඇරඹුමක් ලෙස ගුවාන්ක්ෂි සහ ශී‍්‍ර ලංකාව අතර සහයෝගිතාව මගින් දීප්තිමත් අනාගතයකට මග විවර වනු ඇත.

     

    මෙම ප‍්‍රදර්ශනයේ අරමුණ වනුයේ තුළින් ශී‍්‍ර ලංකාව හා ගුවාන්ක්ෂි අතර පුළුල් සහ ගැඹුරු ද්වි පාර්ශ්වික ආර්ථික හා වෙළඳ සහයෝගිතාවක් නිර්මාණය කිරීමය. එබැවින් එම නව සහයෝගිතාවය තුළින් නිර්මාණය වන නව මං මාවත් හා ව්‍යාපාර අවස්ථාවන් ඔස්සේ අන්‍යොන්‍ය ප‍්‍රතිලාභ සංවර්ධනයන් රැසක් බිහි වනු ඇත.