ප්‍රාදේශීය සංවර්ධන බැංකුවට සංවර්ධන සහකරුවන් බඳවා ගැනේ. විභාගය 15 දා

    July, 11, 2017

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ අභ්‍යාසලාභී සංවර්ධන සහකාර තනතුරුට බඳවා ගැනීමේ තරග විභාගය ලබන 15 වන දින පැවැත්වීමට අවශ්‍යය කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි.

    මෙම විභාගය දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 201ක දී පැවැත්වෙන අතර සියලුම අයදුම්කරුවන් සඳහා විභාග ප්‍රවේශපත්‍ර 2017 ජුනි මස 30 වන දින තැපැල් කර යවා ඇත.

    ප්‍රවේශපත්‍ර සම්බන්ධයෙන් යම් විමසීමක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක මඟින් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ සංවිධාන හා විදේශ විභාග ශාඛාව ඇමතීමේ පහසුකම් සලසා ඇති බව කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි. .

    දුරකථන අංක - 0112785230 / 0112777075

    ක්ෂණික ඇමතුම් - 1911 (පැය 24 පුරා)