ලෙදර් ව්‍යාපාරය ප්‍රතිව්‍යූහගතකරණයට LCI සැරසෙයි

    July, 11, 2017

    ලංකා සෙන්චරි ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී (LCI) හි පසුගිය ජූලි 07 වැනි දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ දී සිය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගතකරණය කිරීමට අනුමැතිය ලබා දී ඇත.

    මේ අනුව ඇඟළුම් නිෂ්පාදනය, ලෙදර් නිෂ්පාදිත හා පාවහන් නිෂ්පාදනය යනා දී සමාගම හා එහි අනුබද්ධ සමාගම් නිරත ව්‍යාපාර මෙයාකාරයෙන් ඒවායේ හිමිකාරීත්වය හා මෙහෙයුම් ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීමට සැලසුම් කර ඇත.

    මෙහි පළමු පියවර වශයෙන් ලංකා සෙන්චරි පීඑල්සී අනුබද්ධ සමාගමක් වන සිලෝන් ලෙදර් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් හා ප්‍රාග්ධන ව්‍යූහය ප්‍රතිව්‍යූහගත කිරීමට නියමිත වේ.