July, 12, 2017
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් විසින් සිදුකරගෙන යනු ලබන මිනිරන් කැණීම, සමාගම විසින්ම කරගෙන යාමටත්, එම සමාගමට වැඩි අයිතියක් පැවරෙන පරිදි මිනිරන්වල එකතු කළ අගය වැඩිකිරීම සඳහා පෞද්ගලික ආයෝජනයක් ද සහිතව නව සමාගමක් පිහිටුවීම ඇතුළු අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මෙවර පැවති අමාත්‍ය මණ්ඩල හමුවේ දී අනුමැතිය ලැබී තිබේ.
කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් සමාගමේ වර්තමාන තත්ත්වය පිළිබඳව පරීක්ෂා කර බලා එය ලාභදායී ආයතනයක් වශයෙන් පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස විශේෂ කාර්යභාර ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා තවත් අමාත්‍යවරු 07 දෙනෙකුගේ සහභාගීත්වයෙන් අමාත්‍ය අනුකමිටුවක් පත් කිරීමට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබුණි.
Video Story