July, 13, 2017
Ceylon Tea, ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සහ දිගු කාලීන අපනයනික වෙළෙඳ භාණ්ඩයක් ලෙස ජාතික ආර්ථිකයට සිදුකරන ලද දායකත්වය සලකා එහි 150 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුහුණත වටිනාකම රු. 10 ක් වන සමරු කාසියක් නිකුත් කරන ලදී.
මෙහි පළමු කාසි කාණ්ඩය 2017.07.12 දින ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවති උත්සවයේ දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් මුදල් අමාත්‍ය මංගල සමරවීර සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක යන මහත්වරුන් වෙත නිල වශයේන පිළිගන්වන ලදී.
මෙම සමරු කාසිය 2017.07.13 දින සිට බලපත්‍රලාභී වාණිජ බැංකු හරහා සංසරණයට නිකුත් කරනු ලබන අතර සංසරණයේ පවතින අනෙකුත් ව්‍යවහාර මුදල් නෝට්ටු අතරෙහි ගෙවීම් සඳහා භාවිත කළ හැකි වේ.

Video Story