July, 17, 2017
ආසියානු නිෂ්කාශන සංමයේ තාක්ෂණික කමිටුවේ රැස්වීම සහ ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම, 2017 ජූලි මස 12 සහ 13 යන දිනයන් හිදී පැවැත්වූ අතර එහි සත්කාරක කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලදී.
ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකත්වය මහබැංකු/ මූල්‍ය අධිකාරීන් 9 කින් සමන්විත වේ. බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, ඉරානය, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව ආසියානු නිෂ්කාශන සංගමයේ වර්තමාන සාමාජිකයින් වේ.
ආසියානු නිෂ්කාශන සංගමයේ 46 වැනි අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේ මුලසුන ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විසින් හොබවන ලද අතර, 2017 ජූලි මස 12 වැනි දින පැවැත්වූ ආසියානු නිෂ්කාශන සංගමයේ තාක්ෂණික කමිටු රැස්වීමේ මුලසුන ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි මහතා විසින් හොබවන ලදී.
Video Story