July, 18, 2017
දත්ත සඳහා පනවා ඇති බදු සම්බන්ධයෙන් ඉදිරියේ දී සුභ ආරංචියක් ඇසීමට නියමිත බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. ප්‍රජා සංවර්ධනයට පහසුකම් සැපයීම වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිතාව පිළිබඳ අද (18) දින කොළඹ දී පැවති සාකච්ඡාවක දී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“බදු ප්‍රතිපත්තිත් එක්ක සමහර වෙලාවට සමහරු දොස් කියනවා මේ සමාජ මාධ්‍ය එක පැත්තකින් හොඳයි කියනවා, අනෙක් පැත්තෙන් මේක කරන්න ද දත්තවලට මෙච්චර බදු දාලා තියෙන්නේ කියලා.“
“ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා හෙට අනිද්දාම, මේ සම්බන්ධයෙන් සුභ ආරංචියක් රටේ ලොකු තැන්වලින් ඔබ සියලු දෙනාට ඇහෙයි කියලා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ සමාජ මාධ්‍ය හරහා තරුණ තරුණියන්ගේ හඬ අවදි කරන්න රජය ගන්න ධනාත්මක වැඩපිළිවෙලක් හැටියට ඔබ සියලු දෙනා එය දකියි කියලා.“
Video Story