July, 19, 2017
- සියලු කොටස් මිල දර්ශක අගය 8.23% කින් හා S & P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.03% කින් ඉහළට
- 2016 වර්ෂයේ පළමු භාගයට සාපේක්ෂව විදේශීය මිලදී ගැනීම් 2017 මුල් භාගයේදී දෙගුණ වෙයි.
- වර්ෂ 2016 ට සාපේක්ෂව ශුද්ධ විදේශීය මුදල් ගලා ඒම රුපියල් මිලියන 383.5 කින් ඉහළට යමින් රුපියල් බිලියන 23 ක් ලෙස දිනට සටහන් වෙයි.
- මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට නොකඩවා 24 වන සතියටත් විදේශීය ශුද්ධ මුදල් ගලා ඒමක්.
2017 වර්ෂයේ මුල භාගය අවසන් වන විට කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි වර්ධනීය ක්‍රියාකාරීත්වය ඉතාම ඉහළ මට්ටමකට පත්ව තිබේ. 2017 ජූලි 17 වන විට සියලු කොටස් මිල දර්ශක අගය 8.23%කින් හා S & P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.03% කින් වර්ධනය වෙමින් පිලිවෙලින් 6,741.07ක් හා 3,882.14 ක් ලෙස සටහන් වුනි. 2015 හා 2016 වර්ෂයන්හි වූ වෙළෙඳපොළ පසුබෑමට සාපේක්ෂව මෙය දැවැන්ත පරිවර්තනීය වර්ධනයක් ලෙස සැලකිය හැකිය.
විදේශීය ආයෝජක ක්‍රියාකාරීත්වයෙහි වර්ධනය
2017 වර්ෂයේදී විදේශීය ආයෝජකයින්ගේ මනා ආකර්ශනයක් සනිටුහන් කරමින් මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ සිට නොකඩවා 24 වන සතියටත් විදේශීය ශුද්ධ මුදල් ගලා ඒමක් සටහන් වී තිබේ. එමෙන්ම විදේශීය මිලදී ගැනීම සංඛ්‍යාව 2016 වර්ෂයේ පළමු භාගයෙහි සටහන් වූ රුපියල් බිලියන 31.5 ක ප්‍රමාණය 2017 පළමු භාගය වනවිට රුපියල් බිලියන 62.6 ක් ලෙස දෙගුණයක් වී තිබීම සුවිශේෂී වර්ධනීය අවස්ථාවකි.
2017 වර්ෂයේ මේ වනවිට සටහන්ව තිබෙන විදේශීය ශුද්ධ ගලා ඒම වන රුපියල් බිලියන 23 ක ප්‍රමාණය 2015 හා 2016 වර්ෂයන්ට සාපේක්ෂව ඉහළ මට්ටමේ වර්ධනයක් පෙන්නුම් කරයි. මෙතෙක් වෙළෙඳපොළ ඉතිහාසයේ සටහන්වූ ඉහලම විදේශීය ශුද්ධ මුදල් ගලා ඒම සටහන් වූ 2012 වර්ෂයෙදී එහි පළමු මාස 6 තුළ මෙම අගය සටහන් වුයේ රුපියල් බිලියන 23.2 ක් ලෙසයි. එය වසර අවසානයේදී රුපියල් බිලියන 38.6ක් ලෙස සටහන් විය.
2017 අප්‍රේල් මස නිකුත් කරන ලද ශ්‍රී ලංකා මහා බැංකු වාර්තාවද සටහනක් තබමින් පවසා ඇත්තේ ගෙවුම් ශේෂය සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හා රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි දායකත්වය ඉතාම අගය කලයුතු බවයි.
සමස්ත පිරිවැටුම සඳහා විදේශීය ආයෝජක දායකත්වය 2015 වර්ෂයේදී 34% ක් හා 2016 වර්ෂයේදී 42% ක් ලෙස සටහන් වෙද්දී 2017 වර්ෂයේදී එම අගය 47%ක් ලෙස සටහන්ව තිබේ. මේ ආකාරයට ශ්‍රී ලංකා ප්‍රාග්ධන වෙළෙඳපොළ විදේශික ආයෝජකයින්ට වඩාත් ආකර්ශනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ, කලාපීය අනෙකුත් වෙළෙඳපොළට සාපේක්ෂව වඩාත් ආකර්ශනීය වෙළෙඳපොළ අගය කිරීම්, ලැයිස්තුගත සමාගම් වල සාංගමික අදායම් ඉහළ යාම් හා සියලු කොටස් මිල දර්ශක අගයෙහි ඉහල මට්ටමේ ක්‍රියාකාරීත්වය ලෙස සඳහන් කළ හැක.
මෑතකදී කොටස් වෙළෙඳපොළෙහි වර්ධනය පිළිබදව අදහස් දක්වමින්, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජිව බන්ඩාරනායක මහතා පවසා සිටියේ, “විදේශීය ආයෝජකයින් අතර වෙළෙඳපොළ කෙරෙහි ඇති උනන්දුව වැඩිවීම ඉතාමත් සුභදායක වන අතර එමගින් පෙන්නුම් කරනුයේ ඔවුන් ශ්‍රී ලාංකීය කොටස් වෙළෙඳපොළ මහගු ආයෝජන අවස්ථාවක් ලෙස හදුනා ගෙන ඇති බවයි. ඔවුන්ගේ උනන්දුව ලාංකීය ලැයිස්තුගත සමාගම් සහ කොටස් වෙළෙඳපොළ කෙරෙහි විශ්වාස තැබීමක්. මෙය තුලින් දේශීය ආයෝජකයින් අතර කොටස් වෙළෙඳපොළ කෙරෙහි ඇති උනන්දුවෙහි වැඩිවීමක්ද ඉදිරියෙදී බලාපොරොත්තු විය හැක.” යනුවෙනි.
සියලු කොටස් මිල දර්ශකය හා S & P ශ්‍රී ලංකා 20 දර්ශකහි වෙනස් වීම

Video Story