2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා බාර ගැනේ

    July, 20, 2017

    සමාජ සුබ සිද්ධිය සදහා බලපෑමක් කළ හැකි නවෝත්පාදක හා නිර්මාණාත්මක නිමැයුම් හෝ යෙදවුම් ජාතික ඇගැයීමට ලක් කෙරෙන ඩිජිටල් සමාජ සවිබල ගැන්වීමේ 2017 ඉ-ස්වාභිමානී සම්මාන ප්‍රදානය සදහා නාමයෝජනා බාර ගැනේ.

    මෙම ජුලි මස 25 දා දක්වා නාමයෝජනා බාර ගැනීම සිදු කරන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

    මෙවර සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වෙන්නේ හත්වන වතාවට වන අතර ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය වාර්ෂිකව මෙය සංවිධානය කරනු ලබයි.

    රාජ්‍ය හා පුරවැසි සහභාගිත්වය ,සෞඛ්‍ය හා සුභසාධනය ,ඉගෙනුම හා අධ්‍යාපනය, පරිසරය හා හරිත බලශක්තිය,සංස්කෘතිය සංචාරක ව්‍යාපාරය,සුහුරු ජන ස්ථාපනය හා නාගරීකරණය,ව්‍යාපාර හා වානිජ්‍ය,අන්තර්ග්‍රහනය හා බලගැන්වීම ,ඩිජිටල් විනෝදාස්වාදය යන අංශ යටතේ නාම යෝජනා බාර ගැනේ.

    මෙම සම්මාන ප්‍රදානයට පාත්‍රවන නිර්මාණකරුවන්ට ජාත්‍යන්තර වශයෙන් පැවැත්වෙන විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය නියෝජනය කිරීමේ අවස්ථාව උදාවන බවද නියෝජිතායතනය පවසයි.

    ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඉදිරි දැක්ම යථාර්තයක් කර ගැනීම සදහා අවශ්‍යය කෙරෙන මානව සම්පත සුදානම් කර ගැනීම සදහා ජාතික මට්ටමින් මෙවැනි සම්මාන ප්‍රදානෝත්සවයක් පැවැත්වීම මහගු රුකුලක් වන බව ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපතිනී චිත්‍රාංගනී මුබාරක් මහත්මිය කියා සිටියාය.

    ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ විනිසුරු මඩුල්ලක් විසින් මේ සදහා ඉදිරිපත් කෙරෙන නිර්මාණයන් විනිශ්චය කරන අතර මේ වන විට නාම යෝජනා ඉදිරිපත් කිරීමේ විශාල උනන්දුවක් පවතින බවද නියෝජිතායතනය පවසයි.

    www.eswabhimani.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 112369099 දුරකථන අංකයට ඇමතීමෙන් වැඩිවිස්තර දැන ගත හැකි වේ.