July, 20, 2017
මීට වසර 200කට පෙර 1809 වසරේ ආරම්භ කරන ලද ශී‍්‍ර ලංකා රේගුව ලොව පැරණිතම රේගු පරිපාලනයන් අතරින් එකකි. මෙම කලාපයේ උසස් තාක්ෂණයෙන් යුත් රේගු මෙහෙයුමක් සඳහා ප්‍රධාන පෙලේ ප්‍රවර්ධකයෙකු වීමේ ප්රයත්නයක යෙදී සිටින ශී‍්‍ර ලංකා රේගුව, ශී‍්‍ර ලංකා මහ බැංකුව සමග එක්ව රේගු ගෙවීම් කටයුතු සඳහා අති නවීන තාක්ෂණයෙන් යුත් අන්තර්ජාල ගෙවීම් වේදිකාවක් හඳුන්වා දෙමින් රේගු ඉතිහාසයේ නව පිටුවක් පෙරළීමට සමත්ව සිටී. මෙම සුවිශේෂී නවෝත්පාදනය අද (2017.07.20) දින සිනමන් ග්රෑන්ඞ් හෝටලයේ පැවැති ඓතිහාසික අවස්ථාවකදී ගරු මුදල් සහ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න සහ මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් අතින් උත්සවාකාරයෙන් හඳුන්වා දෙන ලදී.
මෙම පෙරළිකාර වේදිකාව හඳුන්වා දීමට පෙර අන්තර්ජාලය ඔස්සේ ඍජුවම රේගු ගෙවීම් කිරීමට අවස්ථාව උදා වූයේ ලංකා බැංකුව සහ මහජන බැංකුව යන රාජ්‍ය බැංකු දෙකෙහි ගිණුම් පවත්වාගෙන ගිය ආනයන සහ අපනයන වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයින්ට පමණි. එහිදී ඔවුන්ගේ ගිණුම් සහිත බැංකුවෙන් රුපියල් 250ක් ගෙවා ‘ගෙවීම් ඇණවුමක්’ ලබාගෙන එය පුද්ගලිකවම රාජ්‍ය බැංකු දෙකෙන් එකක් වෙත රැගෙන ගොස් එම බැංකුවෙන් අර්ථලාභියා ලෙස ශී‍්‍ර ලංකා රේගුව වෙත ගෙවීම් ඇණවුමක් ලබාගැනීමේ ඉතා වෙහෙසකර කි්රයාදාමයක නිරතවීමට සිදුවිය. නමුත් මෙම නවෝත්පාදනය මගින් ආනයන සහ අපනයන වෙළඳාමේ නිරත ව්‍යාපාරිකයින්ට විශාල ප්‍රතිලාභයක් අත්කර දෙමින් රේගු ගෙවීම් සඳහා ඔවුන්ගේ බැංකුව විසින් ගනුදෙනුවේ වටිනාකම නොතකා අය කරනු ලබන්නේ රුපියල් 50ක නාමික ගාස්තුවක් පමණි. මෙය වර්තමානයේ බැංකුවකින් වෙනත් බැංකුවකට මුදල් හුවමාරුවක් කිරීම සඳහා අය කිරීමට මහ බැංකුව විසින් බැංකු වෙත නියම කොට ඇති උපරිම ගාස්තුව වේ. මෙම නව ක්‍රමය මගින් අනවශ්‍ය ප්‍රමාද වීම් සහ ආනයන සහ අපනයන වෙළෙඳාමට බලපෑම් ඇති කළ පෙර පැවැති අකාර්යක්ෂම ගෙවීම් කි‍්‍රයාවලිය මුළුමනින්ම අහෝසි වී යනු ඇත.

ආනයන හා අපනයන වෙළෙඳාමේ නිරත ව්‍යපාරිකයින්ගේ දිගු කාලීන අවශ්‍යතාවක් සපුරාලීම සඳහා ශී‍්‍ර ලකා රේගුව විසින් ශී‍්‍ර ලංකාව තුළ ඕනෑම ගෙවීමේ ක්‍රමයක් අනුමත කිරීමේ සහ නියාමනය කිරීමේ අධිකාරී බලය සහිත මූල්‍ය මණ්ඩලයේ සහ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහාය ඇතිව මෙම මහත් අපේක්ෂිත ව්‍යාපෘතිය අරඹන ලදි. ශී‍්‍ර ලංකා රේගුවේ මෙම නවෝත්පාදනය මගින් ඕනෑම බැංකුවක ගිණුම් පවත්වාගෙන යන ආනයන/අපනයන වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයෙකුට දැන් තම අන්තර්ජාල බැංකු පහසුකම ඔස්සේ රේගු ගෙවීම් කිරීමේ අවස්ථාව සැලසේ.
මෙම නවෝත්පාදනය හඳුන්වා දෙන ලද්දේ ආනයන හා අපනයන වෙළෙඳාමේ නිරත ව්‍යපාරිකයින්ට මෙරට ඕනෑම බැංකුවකින් එම මොහොතේම අන්තර්ජාලය ඔස්සේ රේගු ගෙවීම් කිරීමට පහසුකම් සලසා දෙන ලෙස ශී‍්‍ර ලංකා රේගුව විසින් ශී‍්‍ර ලංකා මහ බැංකුවෙන් කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙනි. එ් අනුව ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නියෝගය සහ මූල්‍ය මණ්ඩලයේ අනුමැතිය මත පදනම්ව ලංකා ක්ලියර් පුද්ගලික සමාගම විසින් ලංකා පේ අන්තර්ජාල ගෙවීම් වේදිකාව (LankaPay Online Payment Platform) කි‍්‍රයාත්මක කිරීමට පියවර ගන්නා ලදි. මෙම අන්තර්ජාල ගෙවීම් වේදිකාව මගින් සියලු වාණිජ බැංකු ඔස්සේ රේගු ගෙවීම් සඳහා පහසුකම් සලසයි. ලංකා පේ අන්තර්ජාල ගෙවීම් වේදිකාව ශී‍්‍ර ලංකා රේගුවේ ASYCUDA පද්ධතිය සමග සන්නිවේදනය කිරීමට සැලසුම් කොට ඇති අතර එම ගෙවීම් වේදිකාවම ලංකා ක්ලියර් පොදු ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු බැංකු සමගද සම්බන්ධව ඇත.
දැන් ගන්දෙනුකරුවන්ට රේගු ගෙවීම් සඳහා අන්තර්ජාලය, ජංගම දුරකථනය, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හෝ කවුන්ටර් ඔස්සේ පොදු ඉලෙක්ට්‍රොනික් මුදල් හුවමාරු ක්‍රමය සමග සම්බන්ධ විය හැක. මෙම ගෙවීම් එම මොහොතේම ගිණුම් වලට බැර වන අතර දවසේ පැය 24 පුරා සතියේ දින 7ම ගනුදෙනු කිරීමේ හැකියාව පවතී. ලංකා ක්ලියර් විසින් ශී‍්‍ර ලංකා රේගුව වෙත අදාළ ගෙවීම් තහවුරු කිරීම එසැනින්ම සිදු කරනු ලබන අතර අන්‍යොන්‍ය හා ප්රතිසන්ධාන අරමුණු සඳහා අදාළ වාර්තා හා අනෙකුත් තොරතුරු ලබාදීමද සිදුවේ. රාජ්‍ය බැංකු දෙක හා අනෙකුත් වාණිජ බැංකු අතර ගනුදෙනු පියවීම මහ බැංකුවේ රියල් ටයිම් ග්‍රොස් පියවීම් පද්ධතිය (RTGS) හරහා මහ බැංකුවේ සෘජු නියාමනය හා අධීක්ෂණ මත සිදුවනු ඇත.
ලංකා ක්ලියර් ගෙවීම් පද්ධතිය PCI-DSS 3'2 (Payment Card Industry-Data Security Standards) සහ ISO 27001(2013 තත්ත්ව සහතිකවලින්ද පිදුම් ලබා තිබේ. මෙම ප්‍රමිතිය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක්වන අතර ආරක්ෂිත ලෙස ගෙවීම සහ ගනුදෙනු වල සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා පුළුල් වශයෙන් ප්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග රැුසක් අනුගමනය කරනු ලබයි. මුලික වශයෙන් ලංකා බැංකුව, සම්පත් බැංකුව හා කොමර්ෂල් බැංකුව සහභාගිත්වයෙන් දැන් සජීවීව ගනුදෙනු සිදුවන අතර අනෙකුත් බැංකු 7ක් සමග මේ වන විට මූලික කටයුතු නිමාකොට නුදුරේදීම ගනුදෙනු කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
මෙම නවෝත්පාදනය පිළිබඳව තම අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා රේගුවේ අධ්යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා මෙසේ පැවැසීය. ”ජාතික වශයෙන් වැදගත් වන මෙම හඳුන්වාදීම ඉදිරියට ගෙන එ්ම සඳහා වෙහෙස නොබලා මහ බැංකුව, ලංකා ක්ලියර් සහ වාණිජ බැංකු සමග කටයුතු කිරීමට මූලිකත්වය ගත් ශී‍්‍ර ලංකා රේගුවේ තොරුතුරු සන්නිවේදන තාක්ෂණ අංශයේ සාර්ථකත්වය පිළිබඳව මා ආඩම්බර වෙනවා. මෙය අපේ මූලික නවෝත්පාදනයන්ගෙන් එකක් වන අතර එමගින් අපේ වෙළෙඳ ප්‍රජාවගේ දිගු කාලීනව බලා සිටි අවශ්‍යතාවයක් සපිරෙනවා. ආනයන සහ අපනයන වෙළඳ ව්‍යාපාරිකයින් හා මහජනතාව සඳහා වැඩි දියුණු කළ සේවාවක් ලබා දීම සඳහා වන අප කාර්යයන් වැඩි දියුණු කිරීමට ශී‍්‍ර ලංකා රේගුව බලවත් උත්සාහයක නිරතව සිටින අතර මෙම හඳුන්වාදීම එම ගමන් මගේ එක් ධනාත්මක පියවරක් පමණයි.”
Video Story