July, 21, 2017
නව දේශීය අදායම් පනත අගෝස්තු තුන්වන සතියේ දී සංශෝධන ද සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අද (21) දින මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“ඊළඟ වසර දෙකේ දී සෘජු බදුගෙවන්නන් 40% දක්වා වැඩි කරනවා. ඒ හරහා සාමාන්‍ය ජනතාවගේ බදු බර අඩු කිරීමෙන් බදු ගෙවිය යුතු සියලු දෙනාගෙන් බදු ලබා ගැනීමේ අරමුණින් තමයි නව දේශීය ආදායම් පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. මෙය කරලා තියෙන්නේ රටේ අවශ්‍යතාවය උඩ. වක්‍ර බදුවලින් තැලී පොඩිවී ඉන්න ජනතාවට සහන සැපයීමේ අරමුණු ඇතිව තමයි අපි මේ නව ආදායම් බදු පනත පසුගිය 5 වෙනිදා පාර්ලිමේන්තුවේ සභාගත කළා.“
“පළමු කියවීමෙන් පසු ඒ නිශ්චික තාලය තුළ එහි එම පනතට විරුද්ධව නඩු පැවරීමේ අයිතියක් තියෙනවා. ඒ අනුව මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කිහිපයක් පැවරී තිබෙනවා. දෙවනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් එක්ක එය කථානායකතුමාට දැනුම් දෙනවා. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඇතිකරන සංශෝධන ඇතුළත්ව, අපේ තව සංශෝධනත් ඇතුළත් කරලා අගෝස්තු තුන්වෙනි සතිය වෙනකොට මේ නව ආදාම් බදු පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කර ගන්නට බලාපොරොත්තු වෙනවා.“
“මේ ක්‍රියාදාමයට රටට ආදරය කරන සියලු දේශප්‍රේමී ජනතාවගේ සහාය ලැබෙන්නට ඕනේ. ඒවගේම මෙම පනත ක්‍රියාත්මක කිරීමට බදු පරිපාලනය මෙහෙයවන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහාය අපිට අවශ්‍යයි. එම සහාය ලැබෙන බවට මට විශාල විශ්වාසයක් තිබෙනවා. ආදායම් පරිපාලනය මෙහෙයවන කාර්ය මණ්ඩලයට අවශ්‍ය පුහුණුවීම්, නව තාක්ෂණ, නව නීතිරීති ජයගැනීමටත් අවශ්‍යයි. ඒ සියල්ල මේ පනත සම්මත කර ගැනීම සමඟ අපගේ නිලධාරීන්ට ලබා දීලා, ලෝකයේ පිළිගත් ආදායම් රැස් කරන පරිචයන් අපි අපගේ දේශයට බද්ධ කර ගන්න ඕනේ.“
මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසින් වැඩ භාර ගත් පසු පවත්වන ලද පළමු මාධ්‍ය සාකච්ඡාව මෙයයි.
Video Story