උපායශීලී සැපයුම් සහ මූලික සේවක කළමනාකරණය පිළිබඳ ව පුහුණු වැඩසටහනක්

    July, 24, 2017

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන  මණ්ඩලය ඒකාබද්ධව සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් පවතින අතර මෙම වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තකරුවන්ගේ කළමනාකරණ හැකියාව සංවර්ධනය කිරීමේ අරමුණින් උපායශීලී සැලසුම් සකස්  කිරීම සහ මූලික සේවක කළමණාකරණය පිළිබඳව  පුහුණු වැඩ සටහනක් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය විසින් සංවිධානය කර ඇත.
    මෙම වැඩසටහන ජූලි 26 හා 27 යන දිනයන්හි යක්කල, විගොඩපාර, මානව සම්පත් සංවර්ධන හා කළමනාකරණ පුහුණු ආයතනයේදී  දී (යක්කල සිද්ධායුර්වේදය අසල) පැවැත්වීමට කටයුතු යොදා ඇත.
    මෙම වැඩසටහන මඟින් සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්තවල දැක්ම (vision)  මෙහෙවර (Mission) දිගුකාලීන අරමුණු (Goal) කෙටිකාලීන අරමුණු  (Objectives)  ප්‍රතිපත්ති සැකසීම (Polices)  ව්‍යාපාර සංවිධාන සටහන් සැකසීම යන මූලික උපක්‍රමශීලී සැලසුම් හා සේවක කළමණාකරණය පිළිබඳව  මූලික සිද්ධාන්ත පිළිබඳව ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට බලාපොරොත්තු වේ.  තවද නවීන කළමණාකරන මූලධර්ම හා සිද්ධාන්ත රැසක් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරයි.
    මෙම වැඩසටහන පිළිබඳ විස්තර නියෝජ්‍ය අධ්‍යක්ෂ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය, කච්චේරිය , ගම්පහ ට පැමිණ හෝ ලිපියක් මගින් හෝ දුරකථන අංක 0332222909 ට ඇමතුමක් ලබා දීමෙන් හෝ idbgampaha@gmail.com ට ඊමේල්  පණිවිඩයක් දීමෙන් හෝ ලබා ගත හැක.
    News.lk