තෙල් වර්ජනය හවස් වෙද්දි අවසන් – ඇමති රාජිත

    July, 26, 2017

    ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වන විට අඩාලව පවතින ඛනිජ තෙල් බෙදා හැරීමේ කටයුතු හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (26) සවස් කාලය වන විට යථා තත්ත්වයට කරලීමට කටයුතු යොදා ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. අද දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

    මේ අතර මාධ්‍ය හමුවට එක් වූ යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ වර්ජනයට එක් නොවී සිටින ඛනිජ තෙල් සේවකයින්ගේ සහාය මේ වන විට තෙල් සංස්ථා පරිශ්‍රයෙහි සිටින හමුදා සාමාජිකයින් හට ලැබී ඇති බවයි.