August, 16, 2017
යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව කාර්යාල ගොඩනැඟිල්ලක් සහ කම්හල් හතරක් ඉදි කිරීමට නියමිතය.
එම ඉදි කිරීම් කටයුතු නොපමාව ආරම්භ කිරීමේ අරමුණින් ඊට අදාළ උපදේශක සේවා සැපයීම සඳහා වන යෝජනා ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙතින් කැඳවීමටත්, එම යෝජනා ඇගයීමට ලක් කර අදාළ කොන්ත්‍රාත් පිරිනැමීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
Video Story