“NSB i Saver” සේවාව ඩිජිටල්කරණයේ නවතම අත්දැකීමක්වන අතර දිවයින පුරා පිහිටි 16,000කට අධික මොබිටෙල් mCash නියෝජිත මධ්‍යස්ථානයන් ඔස්සේ “NSB i Saver” සේවාව හරහා ඕනෑම වේලාවක පහසුවෙන් සිය මුදල් ජාතික ඉතිරිකිරීමේ බැංකු ගිණුමේ තැන්පත් කිරීමට මෙමගින් හැකියාව ලැබේ.
අමාත්‍යවරුන්වන කබීර් හෂීම්, හරීන් ප්‍රනාන්දු, නියෝජ්‍ය අමාත්‍ය තාරානාත් බස්නායක, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපති අස්වින් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.








































































































































