August, 23, 2017
KIA සමාගමේ අරමුදල් දායකත්වයෙන් සහ කොරියානු සිසුන් කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් හැඳල දික් ඕවිට ප‍්‍රදේශයේ දරුවන් වෙනුවෙන් සැලසුම් සහගතව ඉදි කළ නව පෙර පාසැල් ගොඩනැගිල්ලක් පරිත්‍යාග කර තිබේ.
KIA මෝටර්ස් සමාගම විසින් නිර්මාණය කර සමාගමේ මූල්‍යාධාර යටතේ ලොව පුරා ක‍්‍රියාත්මක කරන ‘Happy Move Global Youth Programme’ නැමති සමාජ සත්කාරක වැඩසටහන යටතේ 100 දෙනෙකුගෙන් සමන්විත කොරියානු සිසුන් කණ්ඩායමක් මෙම ව්‍යාපෘතියට සහභාගී විය.
මෙම කොරියානු ස්වේච්ඡා කණ්ඩායම ශ‍්‍රී ලාංකික සිසුන් තිදෙනෙකු සමඟ වර්ග අඩි 2,112 ක ඉඩකින් යුතු මෙම පෙර පාසැල් ගොඩනැගිල්ල ඉදිකිරීමට සම්බන්ධ විය. මෙම ගොඩනැගිල්ල වර්ග අඩි 422 ක් වන කාමර 05 කින් සමන්විත වේ. මෙහි ඉදිකිරීම් සඳහා ණස් මෝටර්ස් සමාගම විසින් ඩොලර් 100ල000 හෙවත් රුපියල් මිලියන 15ක් පරිත්‍යාග කළේය.
මීට අමතරව, කොරියානු ස්වේච්ඡා කණ්ඩායමට මෙරටට පැමිණීමට ගුවන් ටිකට්පත්, නවාතැන් සහ ප‍්‍රවාහන පහසුකම් සඳහා KIA මෝටර්ස් සමාගම අනුග‍්‍රාහකත්වය ලබාදුන් අතර මෙම ගොඩනැගිල්ලේ බිත්ති සහ ගෙබිම ඉදිකිරීමේ කටයුතු මෙම සිසුන් කණ්ඩායමේ සහයෝගය මත සිදුවිය. සිමෙන්ති, වැලි, ගල් සහ ගඩොල් ගෙන යාම සඳහාද මෙම සිසුන් සහයෝගය ලබාදෙන ලදී. චිත‍්‍ර ඇඳීම, සෙල්ලම් බඩු නිර්මාණය කිරීම සහ ක‍්‍රීඩා කිරීම වැනි කටයුතු තුළින් ප‍්‍රදේශයේ දරුවන් සමඟ සම්බන්ධ වීමටද ඔවුන් කටයුතු කළේය.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පහසුකම් සැපයීමට අමතරව නව පෙර පාසල් ගොඩනැගිල්ල ඉංග‍්‍රීසිල චිත‍්‍ර සහ සංගීතය වැනි පසු කාලීන පාසල් වැඩසටහන් සඳහාද මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීමට අදහස් කෙරේ.
මෙම ගොඩනැගිල්ල Korea Food for the Hungry International (KFHI) විසින් කළමනාකරණය කරන අතර මෙමගින් ප‍්‍රදේශයේ සිටින අඩු පහසුකම් ලාභී පවුල් වලට ප‍්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි අදහස් කරේ. පෙර පාසැල් සහ පාසැල් කාලයෙන් පසු සිදුකරන වැඩසටහන් තුළින් මූල් අවස්ථාවේදී දරුවන් 80 ක් සඳහා අධ්‍යාපනය ලබාදිය හැකි බවත් මෙමගින් ප‍්‍රතිලාභ ලබන පිරිස ඉදිරියේදී වැඩිකිරීමට KFHI සංවිධාන කටයුතු කරනු ඇති බවත් සමාගම සඳහන් කරයි.
‘මෙම පෙර පාසැල් ගොඩනැගිල්ල ප‍්‍රජාව වෙත තිළිණ කිරීමේ අවස්ථාවට KIA මෝටර්ස් සමාගමේ කොරියානු සහ ශ‍්‍රී ලංකා නියෝජිතයින් සහභාගී වූ අතර එම අවස්ථාවේදී KIA මෝටර්ස් (ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, මහේන් තම්බයියා මහතා මෙසේ අදහස් දැක්වීය. ‘පරිසර හිතකාමී වාහන නිර්මාණයෙන් ඔබ්බට ගොස් අපගේ සමාජ වගකීම සංකේතවත් කරන කටයුතු Happy Move Global Youth Programme සමග එක්වී මේ වසරේදී තවත් ඉදිරියට රැගෙන යාමට ලැබීම අපට දිරියක් ලබාදෙන අතර ඒ පිළිබඳව අපි අතිශය සතුටට පත් වෙනවා.’
2017 ග‍්‍රීෂ්ම සෘතුවේදී Happy Move Global Youth වැඩසටහනේ 19 වැන්න ක‍්‍රියාත්මක විය. මේ යටතේ මේ වසරේදී කොරියානු සිසුන් ස්වේච්ඡාවෙන් ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය සහ කාම්බෝජය යන රටවල සංචාරය කරමින් සමාජ සත්කාරක වැඩසටහන් සඳහා සහභාගී විය.
මෙම වැඩසටහන යටතේ තරුණ සිසුන් අනාගත නායකයින් ලෙස පුරුදු පුහුණු කරන අතර රටවල් අතර සංස්කෘතික හුවමාරුව සඳහාද මෙමගින් අනුබලයක් ලබාදෙයි.
පසුගිය වසර 10 තුළ මෙම වැඩසටහන වසරකට දෙවතාවක් බැගින් පවත්වා තිබෙන අතර චීනය, ඉන්දියාව, පිලිපීනය, වියට්නාමය, ඉන්දුනීසියාව, තායිවානය, හංගේරියාව, තුර්කිය, චෙක් රාජ්‍යය, ස්ලෝවැකියාව, ඊජිප්තුව, ඉතියෝපියාව, ලා ඕසය, ටැන්සානියාව, මලාවි, ඝානා, මැලේසියාව, බ‍්‍රසීලය, ශ‍්‍රී ලංකාව, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු රටවල් 21 ක් වෙත කොරියානු සිසුන්ට සංචාරය කිරීමෙ අවස්ථාව මෙමගින් ලැබී තිබේ. මේ දක්වා මෙම වැඩසටහන මගින් කොරියානු සිසුන් 8,500 ක් ස්වේච්ඡුා වැඩසටහන් සඳහා වෙනත් රටවලට සංචාරය කර ඇත.
මෙම සිසුන් මෙම රටවල මාස එකහමාරක් පමණ කාලයක් රැඳී සිට එම රටවල අඩු පහසුකම් සහිත ප‍්‍රජාව වෙනුවෙන් පාසැල්, නිවාස සහ ප‍්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගීමට සහයෝගය දක්වා ඇත. මීට අමතරව, අදාල රටවල පාරිසරික දැනුවත් කිරීමේ කටයුතු කිරීමට, මාර්ග ආරක්ෂාව සහ සනීපාරක්ෂාව යන අංශ පිළිබඳව දැනුවත් කිරීමට, සම්ප‍්‍රදායික කොරියානු සංස්කෘතිය හඳුන්වාදීමට මෙම සිසුන් මෙම වැඩසටහනේදී කටයුතු කර ඇත.
Video Story