August, 23, 2017
ලිං ජලයට විකල්පයක් ලෙස වැසි ජලය භාවිතා කළ හැකිදැයි සොයා බැලීමට වයඹ විශ්ව විද්‍යාලය සමග විද්‍යාත්මක පරීක්ෂණයක්
තවමත් හේතු අනාවරණය කරගෙන නොමැති මෙරට වියලි කළාපයේ පැතිරීයන වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා සහයෝගය ලබාදෙන කොමර්ෂල් බැංකුවේ ‘Raindrops’ ව්‍යපෘතියේ පළමු අදියර යටතේ ඉතාමත් සාර්ථක ලෙස ගිරාඳුරුකෝට්ටේ, ගන්නෝරුව ප‍්‍රදේශයේ පවුල් 25 ක් වෙනුවෙන් වැසි ජලය රැස්කර ගැනීම සඳහා ලීටර් 5000 ක් බැගින් වන ටැංකි ලබාදීමේ ව්‍යාපෘතියක් 2016 වසරේ සිදුකිරීමෙන් පසුව බැංකුව විසින් මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.
මෙරට කීර්තිමත් විද්‍යාඥයෙකු වූ දිවංගත රංජිත් මුල්ලේරියාව මහතා සමග අත්වැල් බැඳගනිමින් කොමර්ෂල් බැංකුව විසින් ‘Raindrops’ ව්‍යාපෘතිය ආරම්භ කළ අතර මෙම ව්‍යාපෘතියේ පළමු අදියර ඔහු විසින් සුපරීක්ෂණය කරන ලදී. මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ කළමනාකාරීත්වය ETC Lanka විසින් සිදුකළ අතර මෙය නෙදර්ලන්තයේ Leusden පදනම් කරගත් ETC International Group නැමති ලාභ නොලබන ආයතනයේ සාමාජිකත්වය දරන ආයතනයකි.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ වැසි ජලය රැස්කර ගැනීමේ ටැංකි ලැබුණු පවුල් 25 ක සාමාජිකයින් රැස්කර ගත් වැසි ජලය අවුරුද්දකට වැඩි කාලයක් භාවිතා කළ පසුව ඔවුන්ගේ වකුගඩු පරීක්ෂා කරන ලදි. මෙම ප‍්‍රතිඵල එම කාල සීමාව තුළදී ලිං ජලය භාවිතා කළ තෝරාගත් පවුල් 25 ක සාමාජිකයින් සමග සසඳන ලදී. මෙම පවුල් 50 සාමාජිකයින් ජීවත්වන තත්ත්වයන්, ආහාර රටාවන් සහ ආහාර පුරුදු සමානව පවත්වා ගැනීම සඳහා මෙහිදී කටයුතු කර තිබේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියරේ ප‍්‍රතිඵල වලට අනුව වකුගඩු රෝගයට ගොදුරු වූ ප‍්‍රදේශවල ජනතාවට ලිං ජලයට වඩා රැස්කර ගත් වැසි ජලය පානය කිරීම හොඳයැයි අවබෝධ කර ගැනීමෙන් පසුව මෙම ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ කොමර්ෂල් බැංකුව කටයුතු කරන්නේ ඒ පිළිබඳව විද්‍යාත්මක විශ්ලේෂණයක් කිරීමටයි.
මේ අනුව, රැස්කර ගත් වැසි ජලයේ ගුණාත්මක තත්ත්වය, ච්‍ය අගය, විද්්‍යුත් සන්නායකතාවය සහ අනිකුත් තත්ත්වයන් පරීක්ෂා කිරීම සඳහා බැංකුව වයඹ විශ්ව විද්‍යාලය තෝරාගන ඇත. මෙහි අරමුණ වන්නේ වකුගඩු රෝගය වඩාත් බහුලව තිබෙන ප‍්‍රදේශවල ජනතාවට ලිං ජලයට විකල්පයක් ලෙස රැස්කර ගත් වැසි ජලය යොදාගත හැකිදැයි විද්‍යාත්මකව තහවුරු කර ගැනීමයි.
මෙම අධ්‍යනයේ මූලික ප‍්‍රතිඵල මගින් අනාවරණය කරගනු ලැබුවේ ලිං ජලය පානය කළ කණ්ඩායමේ කිහිප දෙනෙකු වකුගඩු රෝගයේ මුල් අවස්ථාවට ගොදුරු වී සිටි බවත් රැස්කර ගත් වැසි ජලය පානය කළ කණ්ඩායමේ කිසිවෙකු එම රෝගයට ගොදුරුවී නොසිටි බවයි.
‘පළමු අදියරේදී මේ පිළිබඳව විද්‍යාත්මක මතයක් ඉදිරිපත් කිරීම නුසුදුසු වෙන්න පුළුවන්. නමුත්, මූලික මට්ටමේ ප‍්‍රතිඵල දිරිගන්වන සුළුයි.’ යනුවෙන් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ’වකුගඩු රෝගය නිසා බොහෝ දෙනෙකු අපට අහිමි වී තිබෙනවා. මෙම රෝගයට ගොදුරු වූ සහ ගොදුරුවීමේ අවධානමක් තිබෙන පුද්ගලයින්ට ප‍්‍රායෝගික විසඳුමක් ලබාදීමට සහයෝගය ලබාදීම අපගේ වගකීමක් යැයි වගකිව යුතු ආයතනික පුරවැසියෙකු ලෙස කොමර්ෂල් බැංකුව සිතුවා.’
ලිං ජලයට විකල්පයක් ලෙස රැස්කරගත් වැසි ජලය භාවිතා කිරීමේදී ලබන අත්දැකීම් තක්සේරු කිරීමටත් විශ්ලේෂණය කිරීමටත් කොමර්ෂල් බැංකුව මානව විද්‍යාත්මක අධ්‍යනයක්ද ආරම්භ කර ඇත.
මෙම මානව විද්‍යාත්මක අධ්‍යනය කළ මානව විද්‍යාඥ ඩබ්ලිව්.ඒ. උපුල් කුමාර වික‍්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ රැස්කර ගත් වැසි ජලය පානය කිරීමට සහ ආහාර පිසීමට භාවිතා කළ පුද්ගලයින් තමන් ලැබූ අත්දැකීම් විස්තර කළ බවයි. මේ අනුව, මෙම ජලයේ අමිහිරි රසයක්, දුගඳක්, තෙල් ගතියක් සහ මන්ඩි තැන්පත්වීමක් නැති බව මෙම පුද්ගලයින් සඳහන් කර ඇත. මීට අමතරව, රැස්කර ගත් වැඩි ජලය භාවිතා කරමින් තේ සහ ආහාර සැකසීමේදී ඒවායේ රසය වර්ධනය වූ බවත් රැස්කරගත් වැසි ජලය පානය කිරීමේදී වැඩිපුර ජලය පානය කිරීමට හැකිවූ බවත් මෙම පුද්ගලයින් සඳහන් කර තිබේ. එසේම, ගන්නෝරුව ප‍්‍රදේශයේ ලිං ජලය පානය කර මුත‍්‍රා කිරීමේදී ඇතිවන දැවිලි ස්වභාවය රැස්කර ගත් වැසි ජලය පානය කිරීමේදී ඇති නොවන බවද මෙම පුද්ගලයින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
ගණනය කර තිබෙන ආකාරයට 05 දෙනෙකුගෙන් යුතු පවුලකට ආහාර පිසීම සහ පානය කිරීම සඳහා ජලය ලීටර් 20 ක් පමණ දිනකට අවශ්‍ය වේ. මේ අනුව, පරිසර හිතකාමී ලෙස සකස් කළ වැසි ජලය ලීටර් 5000 ක් රැස්කර ගැනීමට හැකි ටැංකියක් මගින් වැසි අඩු මැයි සිට සැප්තැම්බර් මාස හය සඳහා මෙවැනි පවුලක ජල අවශ්‍යතාවයන් සපුරා ගත හැකි යැයි තක්සේරු කර තිබේ. මහවැලි සී කළාපයෙහි ගිරාඳුරුකෝට්ටේ වැනි ප‍්‍රදේශවලට වසරකට මිලි මීටර් 1200-1500 ත් අතර වර්ෂාපතනයක් ලැබේ.
බැංකුව සඳහන් කරන්නේ Raindrops ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ වයඹ විශ්ව විද්‍යාලය විසින් සිදුකරන සමීක්ෂණයේ ප‍්‍රතිඵල මගින් වැසි ජලය මෙම ප‍්‍රදේශවල ජල ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස තහවුරු කර ගැනීමට හැකි වුවහොත් මෙම ප‍්‍රදේශවලට වැසි ජලය රැුස්කර ගැනීමේ තවත් ජල ටැංකි ලැබෙනු ඇති බවය. මේ වනවිටත්, ගන්නෝරුව ග‍්‍රාමයේ පවුල් සඳහා වැසි ජලය රැුස්කිරීමේ ටැංකි 30 ක් පරිත්‍යාග කිරීමට ජාතික ජල සම්පාදනය සහ ජලාපවහන මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම සමීක්ෂණයෙන් ධනාත්මක ප‍්‍රතිඵල ලැබෙන්නේ නම් තවත් බොහෝ ආධාර කණ්ඩායම් වලට මෙවැනි ප‍්‍රදේශ වලට වැඩි ජලය රැුස්කර ගැනීමේ ටැංකි ලබාදීමට හැකියාව තිබේ.
Raindrops ව්‍යාපෘතියට අමතරව, කොමර්ෂල් බැංකුව විසින් පුළුල් සමාජ සත්කාරක සේවාවන් මාලාවක් සිදුකරන අතර තොරතුරු තාක්ෂණ සාක්ෂරතාවය, අන්තර්ජාල අධ්‍යාපනය සහ ඉංග‍්‍රීසි සාක්ෂරතාවය නැංවීම, උපාධි අපේක්ෂකයින් වෙනුවෙන් ශිෂ්‍යත්ව සහ ලැප්ටොප් ලබාදීම, රෝහල් සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම, ඓතිහාසික, සංස්කෘතිකමය සහ ආගමික වශයෙන් වැදගත් ස්ථාන සංරක්ෂණය කිරීම සඳහා සහයෝගය ලබාදීම, වැසි වනාන්තරවල නැවත වන වගාව සිදුකිරීමට සහයෝගය ලබාදීම සහ ආබාධිත රණවිරුවන්ගේ ශුභ සාධන කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදීම මෙම සේවාවන්ගෙන් කිහිපයකි.
ශ‍්‍රී ලංකාවේ විශාලතම මෙන්ම වඩාත්ම ලාභදායී පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට වඩාත්ම සම්මානයට පාත‍්‍රවූ මූල්‍ය ආයතනය වන අතර එමගින් ශ‍්‍රී ලංකාවේ විශාලතම මෙන්ම වඩාත්ම ලාභදායී පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව මෙරට වඩාත්ම සම්මානයට පාත‍්‍රවූ මූල්‍ය ආයතනය වන අතර එමගින් ජාතික ආර්ථිකයට කැපී පෙනෙන දායකත්වයක් දක්වයි. කොමර්ෂල් බැංකුව 2016 වසර අවසානයේදී කොළඹ කොටස් වෙළඳ පොළේ වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය වූ ඩොලර් මිලියන 790 ක ප‍්‍රමාණයෙන් 4.31% කට හිමිකම් කියන ලදී. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ අංශයට වැඩිපුරම ණය සපයා තිබෙන කොමර්ෂල් බැංකුව පසුගිය වසර පහ තුළදී මෙම අංශයට රුපියල් බිලියන 952 ක ණය ලබාදී තිබේ. මීට අමතරව, මෙරට අපනයන වලින් 17.82% කට සහ ආනයන වලින් 8.36% කට බැංකුව විසින් දායක වී ඇත.
කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, 2016 නොවැම්බර් මාසයේදී බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ ආරම්භ කරන ලදී.
කොමර්ෂල් බැංකුව ලබාදුන් වැසි රජය රැස්කරන ටැංකියක් සමග එය ලබාගත් පවුලක් සහ ප‍්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමට බැංකුවේ අරමුදල් දායකත්වයෙන් සිදුකළ වෛද්‍ය සායනය
Video Story