August, 25, 2017
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් Visa කාඩ්පත් හිමියන්ට සුවිශේෂී ප්‍රතිලාභයක්
ශ්‍රීලංකන් ගුවන් සමාගම සිය 38 වැනි සංවත්සරය සමරමින් ආසියාවේ ගමනාන්ත 14 ක් සඳහා සිය පාරිභෝගිකයන්ට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශ පත් 1000 ක් පිරිනැමීමට කටයුතු කර ඇත. මෙම ‘Partner Flies Free’ දීමනාව ලබාදීම සඳහා ගුවන් සමාගම, ගෝලීය ගෙවීම් තාක්ෂණයේ ප්‍රමුඛ සේවාවක් වන Visa සමාගම හා එක්ව කටයුතු කරනු ලබයි. මීට අමතරව ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකු Visa කාඩ්පත් හිමියන්ට විශේෂ දීමනාවක් ලබාදීමට ද ශ්‍රීලංකන් ගුවන් සමාගම කටයුතු කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සේවා ඉතිහාසයේ විශාලතම ප්‍රවර්ධන දීමනාව ශ්‍රීලංකන් පාරිභෝගිකයන් වෙත ලබාදීමට හැකිවීම පිළිබඳව ගුවන් සමාගම ඉතා සතුටට පත්ව ඇති බවත් සිය පාරිභෝගිකයන් හා එක්ව මෙම සංවත්සරය සැමරීමට ගුවන් සමාගමට මෙමගින් හැකිවන බවයි. ගෝලිය ගෙවීම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන Visa සමාගම මෙන්ම අන්තර්ජාතිකව ගෞරවාදරයට පත් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව හා එක්ව කටයුතු කිරීමට හැකිවීම පිළිබඳව ඉතා සතුටට පත්වන බවත් මෙමගින් ශ්‍රීලංකන් පාරිභෝගිකයන්ට එකතුකළ වටිනාකම් රැසක් ලබාදීමට හැකිවන බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
ශ්‍රී ලංකාවේ Visa කලාපීය කළමනාකාර ඇන්තනී වොට්සන් (Anthony Watson) මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවයේ 38 වැනි සංවත්සර සැමරුම් හා එක්ව කටයුතු කිරීමට ලැබීම ගෞරවයක් ලෙස සළකන බවයි. මෙම විශේෂ දීමනාව යටතේ වීසා කාඩ්පත් හිමියන්ට මෙම සුවිශේෂී වරප්‍රසාද භුක්ති විදීමින් නොමිලේ ගුවන් ප්‍රවේශපත් ලබාගැනීමට පමණක් නොව ඔවුන්ගේ ප්‍රියතම ගමනාන්තය සඳහා Visa කාඩ්පත යොදාගනිමින් ප්‍රතිලාභ භුක්ති විදීමට ද හැකිවන බව වොට්සන් මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම දීමනාව යටතේ මෙරටින් බැහැරව විදේශ සංචාරය කිරීම සඳහා වෙන්කරවා ගන්නා ගුවන් ප්‍රවේශ පත් සඳහා මෙල්බර්න්, බැංකොක්, ක්වාලා ලාම්පූර්,සිංගප්පූරුව,ජකාර්තා,මාලේ ,ගැන් දිවයින (මාලදිවයින),සීෂෙල්ස්,කුන්මින්,හොංකොං,ග්වාන්ෂෝ (කැන්ටන්) ,විසාකාපට්නම්, හයිද්‍රාබාද්, සහ කොයින්බටූර් යන ගමනාන්ත ඇතුලත් වේ. මෙම සෑම ගමනාන්තයක් සඳහාම සීමිත ආසන සංඛ්‍යාවක් වෙන්කර ඇත.
මෙම දීමනාව ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාවේ නිකුත් කරන ලද ඕනෑම Visa කාඩ්පතක් මගින් www.srilankan.com වෙබ් අඩවිය හරහා 2017 අගෝස්තු මස 28 සිට සැප්තැම්බර් 6 දක්වා ආසන වෙන්කරවා ගත යුතු අතර 2017 අගෝස්තු මස 28 වැනිදා සිට 2018 මාර්තු 31 වැනිදා තෙක් පමණක් ගුවන් සංචාරය සිදුකළ යුතුය. මේ අනුව නොමිලේ ගුවන් ප්‍රවේශපත් ලබාදීම ආසන වෙන්කරවා ගැනීමේ අනුපිළිවෙල මත (first- come first -served) සිදුකරන අතර ගුවන් මගීන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සඳහා සිදුකරන එක් ආසන වෙන්කරවා ගැනීමකට එක් ගුවන් මගියෙකු වෙනුවෙන් පමණක් නොමිලේ ගුවන් ප්‍රවේශපතක් ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ ගුවන් සමාගමේ සංවත්සරය නිල වශයෙන් සැප්තැම්බර් මස 1 වැනිදා සැමරීමට නියමිත වුවත් අපගේ ගුවන් මගීන්ට මාස ගණනාවක් පුරාවට නව ක්‍රමවේදයක් යටතේ එය සැමරීමට අවස්ථාව ලබාදීමට ගුවන් සමාගමට අවශ්‍ය වූ බවයි. ඒ අනුව අප මෙම දීමනාව සඳහා ලබාදී ඇති කාලසීමාව 2018 මාර්තු මස 31 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බවත් ඒ සඳහා ඉන්දියාව මෙන්ම ඈත පෙරදිග කලාපීය සුන්දර ගමනාන්ත මෙම දීමනාව සඳහා ඇතුළත් කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් Visa කාඩ්පත් සහ Infinite Visa කාඩ්පත් හරහා ආසන වෙන්කරවා ගන්නා ගුවන් මගීන්ට සිය දරුවාට නොමිලේ ගුවන් ගමන් ප්‍රවේශපතක් ලබාගැනීමේ (Child Flies Free’) විශේෂ දීමනාවක් හිමිවන අතර මෙම දීමනාව ඔවුන්ගේ සමීපතමයා සහ දරුවා සඳහා නොමිලේ පියාසර කිරීම දක්වා (Partner + Kid Flies Free) ලබාදී ඇත. මෙම විශේෂ දීමනාව යටතේ විදේශයන් හි සිය නිවාඩුව ගතකිරීමට ප්‍රියකරන පවුල් සඳහා සුවිශේෂී අවස්ථා උදාකරයි. සාමාජිකයන් තිදෙනෙකු සහිත පවුලක් සඳහා මෙම දීමනාව යටතේ එක් මගියෙකුට පමණක් ගුවන් ප්‍රවේශපතක් මිළඳී ගැනීමට සිදුවේ.
මෙම ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුව යටතේ ලබාදෙන Visa කාඩ්පත් සඳහා ශ්‍රීලංකන් හා එක්ව ප්‍රතිලාභ භුක්ති විදීමට හැකිවන ගුවන් සමාගමේ වෙළෙඳ නාමය ද ඇතුලත් කර ඇති Visa කාඩ්පතක් ද ඇතුලත් වන අතර මෙම කාඩ්පත යටතේ සිදුකරන ඕනෑම ගෙවීමක් සඳහා ෆ්ලයිස්මයිල්ස් ප්‍රතිලාභ ලබාගැනීමේ අවස්ථාව ද පාරිභෝගිකයන්ට හිමිවේ.

ලෝකව්‍යාප්ත Visa සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින කලාප කළමනාකාර ඇන්තනී වොට්සන් මහතා Partner Flies Free ” ප්‍රවර්ධන වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරමින්. ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සහ ශ්‍රීලංකන් හි ඊ- ව්‍යාපාර සංවර්ධන (eBusiness Development) කළමනාකාර අජිත් වීරසේකර මහතා එම අවස්ථාවට සහභාගී වූ අයුරු.

ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ වෙළෙඳ බැංකුකරණ ( Retail Banking ) කලාප ප්‍රධානී බිගුමල් තේවරතන්ත්‍රි, ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ලෝකව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් යන මහත්වරුන් “Child Flies Free” ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කරන අයුරු. ශ්‍රීලංකන් හි ඊ- ව්‍යාපාර සංවර්ධන (eBusiness Development) කළමනාකාර අජිත් වීරසේකර මහතා ද එම අවස්ථාවට එක්විය.
Video Story