August, 29, 2017
2016 සැප්තැම්බර් මාසයෙන් පසුව ප්‍රථම වරට පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 2017 ජූනි මාසයේ දී ආනයන වියදම අඩු වී තිබේ. ඒ ඩොලර් මිලියන 1,541 දක්වා සියයට 8.0 ක පහළ යාමක් වාර්තා කරමිනි. මෙමගින් සියලුම ප්‍රධාන කාණ්ඩවල ආනයන පහළ යෑම පිළිබිඹු කළ අතර, විශේෂයෙන්ම අන්තර් භාණ්ඩ ආනයන පහළ ගියේය.
2017 ජූනි මාසයේ දී ප්‍රධාන වශයෙන්ම, ඉන්ධන ආනයන වියදම පහළ යෑම හේතුවෙන්, අන්තර් භාණ්ඩ ආනයන වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 792 දක්වා සියයට 12.9 කින් පහළ ගියේය. බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජතෙල් නිෂ්පාදිතවල ආනයන පරිමා සහ සාමාන්‍ය ආනයන මිල ගණන් පහළ යෑම පිළිබිඹු කරමින් 2017 ජූනි මාසයේ දී ඉන්ධන ආනයන වියදම, පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 34.1 කින් පහළ ගියේය.
මීට අමතරව, යකඩ හා වානේ වැනි ලෝහ මූලලෝහ මෙන්ම විශේෂයෙන්ම ප්‍රාථමික ස්වරූපයේ රබර් ඇතුළු රබර් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත ආනයන වියදම අඩු වීම අන්තර් භාණ්ඩ ආනයන වියදම පහළ යෑම කෙරෙහි සැලකිය යුතු ලෙස දායක විය. කෙසේ වුවද, රත්‍රන් ආනයන වියදම අඛණ්ඩව තවදුරටත් සියයට 42.3 කින් ඉහළ ගිය අතර, යූරියා ආනයනය ඉහළ යෑම හේතුවෙන් 2016 අගෝස්තු මාසයෙන් පසුව ප්‍රථම වරට පොහොර ආනයන වියදම ඉහළ ගියේය. මීට අමතරව 2017 ජූනි මාසයේ දී රෙදිපිළි හා රෙදිපිළි උපාංග ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව සියයට 1.7 කින් මධ්‍යස්ථ ලෙස වර්ධනය විය.

Video Story