September, 8, 2017
2017 වසරේ මුල් මාස 08 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන විදේශිකයින් ගණන 1,406,854 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නවතම වාර්තාවක් මගින් ප්‍රකාශ කර සිටී. මෙය 2016 වසරේ මුල් මාස 08 හි මෙරටට පැමිණ ඇති සංචාරකයින් ගණන වූ 1,359,906 හා සැසඳීමේ දී සියයට 3.5 ක වර්ධනයකි.
මේ අතර අගෝස්තු මාසය තුළ දී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 190,928 ක් වන අතර එය 2016 වසරේ අගෝස්තු මාසයේ පැමිණ ඇති සංචාරකයින් ගණන වූ 186,288 සමග සැසඳීමේ දී සියයට 2.5 ක ඉහළ යාමකි.
වසරේ මුල් මාස 08 තුළ මෙරටට පැමිණි සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. එම ප්‍රමාණය 233,120 කි. එම ලැයිස්තුවේ දෙවැනියට චීනය (190,992) හා එක්සත් රාජධානිය (141,378) වේ.
වසර ආරම්භයේ දී ලක්ෂ 25 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි බලධාරීන් විසින් ඇස්තමේන්තු ගත කර ඇති අතර එම ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට නම් තවත් ලක්ෂ 11 ක සංචාරකයින් පිරිසක් වසරේ ඉතිරි මාස 04 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණිය යුතුවේ.




Video Story