September, 11, 2017
ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තයේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකරමින් නිසාන් ලීෆ් 2018 මාදිලිය පසුගිය දා එළිදැකීය. මෙය 2017 ඔක්තෝබර් 02 දින සිට ජපාන වෙළෙඳපොළට පිවිසෙන අතර 2018 මුල් භාගයේ දී ඇමරිකානු වෙළෙඳපොළට පිවිසීමට නියමිතය.
හැච්බැක් මාදිලියේ මෙම මෝටර් රථය 40-kilowatt-hour බැටරියකින් යුක්ත වේ. එය එක් වරක් ආරෝපණයකින් සැතපුම් 150 ක් ඉක්මවා ධාවනය කළ හැකි බව නිසාන් සමාගම පවසයි.

මේ අතර නිසාන් සමාගම වැඩිදුරටත් පවසන්නේ 2019 වසරේ දී එළිදැකීමට නියමිත නිසාන් ලීෆ් කාණ්ඩය 60-kwh pack මාදිලියේ ඉහළ ධාරිතාවයකින් යුතු බැටරියකින් සමන්විත වනු ඇති බවයි. එය සැතපුම් 200 කට වැඩි ධාවනයක් තනි ආරෝපණයකින් දෙනු ඇති බව සමාගමේ විශ්වාසයයි. කෙසේ වෙතත් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය නොකිරීමට නිසාන් සමාගම වග බලා තිබේ.
නුදුරේ දී මිල දී ගැනීමට හැකි වන නිසාන් ලීෆ් 2018 මාදිලිය ඇමරිකානු ඩොලර් 30,875 සිට ඉහළ මිල ගණන්වලට මිල දී ගත හැකි වනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
Video Story