September, 14, 2017
ශ්රී ලංකාවේ සමස්ත අපනයන ක්ෂේත්රයේ අංක එකේ සමාගම් සමූහය බවට අඛණ්ඩව පස්වන වතාවටත් පත්වීමට බ්රැන්ඩික්ස් සමූහය 2016 වසරේදී සමත්වී තිබෙන අතර ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අද පැවැත්වූ උත්සවයෙහි ‘වසරේ ශ්රී ලාංකේය අපනයනකරු’ සම්මානය බ්රැන්ඩික්ස් වෙත ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ලබාදෙන ලදී.
ශ්රී ලංකාවේ ජාතික ආර්ථිකයට අපනයන සමාගම් විසින් සිදුකරන සුවිශාල දායකත්වය ඇගයීම සඳහා පැවැත්වූ මෙම අති උත්කර්ෂවත් උත්සවයේදී මෙරට සියළුම අපනයන අංශ සඳහා ලැබුණු ‘වසරේ අපනයනකරු’ සම්මානයට අමතරව තවත් ගෞරවණීය සම්මාන හතරක් දිනා ගැනීමට බ්රැන්ඩික්ස් සමත් විය.
මේ අනුව, ‘වසරේ ශ්රී ලාංකේය අපනයනකරු’ සම්මානයට අමතරව ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වැඩිම රැුකියා සම්පාදක, ශ්රී ලංකාවේ අපනයන ක්ෂේත්රයේ වැඩිම ශුද්ධ විදේශ විනිමය උත්පාදක, තිරසාර සංවර්ධනයේ විශිෂ්ටත්වය සහ ඇඟලූම් අංශයේ වැඩිම විදේශ විනිමය උත්පාදක වෙනුවෙන් හිමිවන සම්මාන බ්රැන්ඩික්ස් සමූහයට හිමිවිය. මෙම සම්මාන මගින් නැවත වතාවක් තහවුරු කළේ මෙරට අපනයන ක්ෂේත්රයට බ්රැන්ඩික්ස් සමූහය විසින් සිදුකරන අද්විතීය දායකත්වයයි.
මෙවර ජනාධිපති අපනයන සම්මාන ප්රදානෝත්සවයේදී ලද සම්මාන සමග බ්රැන්ඩික්ස් සමූහය මේ දක්වා දිනාගැනීමට සමත්වී තිබෙන සමස්ත ජනාධිපති අපනයන සම්මාන ගණන 30 කි.
“අප සිදුකරන සියළු දේ මෙහෙයවන්නේ ගෝලීය ඇඟලූම් සන්නාම වලට පූර්ණ සංකල්ප සම්පාදනය කිරීමේ විශිෂ්ටයා වීමට අප තුළ තිබෙන කැපවීමයි” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් බ්රැන්ඩික්ස් ප්රධාන විධායක නිලධාරී, අෂ්රොෆ් ඕමාර් මහතා පැවසීය. ‘අපගේ සේවාවන් වල අගය එකතු කිරීමට අප සිදුකරන නිරන්තර උත්සාහය තුළින් ලෝක වෙළඳ පොළ තුළ ශ්රී ලාංකේය ඇඟලූම් තරඟකාරී තලයකට රැුගෙන ඒමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා.’
2014 සහ 2015 සඳහා ‘වසරේ අපනයනකරු’ සම්මානය ඇතුළු සුවිශේෂී සම්මාන 11 ක් දිනාගැනීමටද පසුගිය වසරේ පැවති ජනාධිපති අපනයන සම්මාන ප්රදානෝත්සවයේදී බ්රැන්ඩික්ස් සමූහය සමත්විය. මෙහිදී, 2014 සහ 2015 වසර වලදී මෙරටට වැඩිම ශුද්ධ විදේශ ආදායමක් උපයාදුන් අපනයනකරු, මෙම වසර දෙකේදීම ඇඟලූම් ක්ෂේත්රයේ වැඩිම විදේශ විනිමයක් ලංකාව උපයාදුන් අපනයනකරු, 2014 සහ 2015 වසර වලදී අපනයන කර්මාන්ත ක්ෂේත්රයේ වැඩිම රැුකියා ප්රමාණයක් උත්පාදනය කළ අපනයනකරු, 2015 වසරේදී ඇඟලූම් ක්ෂේත්රයේ වැඩිම අගය එකතු කිරීමක් කළ අපනයනකරු යන සම්මාන වලින් බ්රැන්ඩික්ස් පිදුම් ලැබීය. මීට අමතරව, 2014 වසර වෙනුවෙන් තිරසාර සංවර්ධනයේ විශිෂ්ටත්වය සහ ලෝකයේ විවිධ කලාප වලින් අපනයන සැපයුම් දාමයට වැඩිම දායකත්වයක් දැක්වූ අපනයනකරුවාට හිමි සම්මාන යුගලයද බ්රැන්ඩික්ස් විසින් දිනා ගන්නා ලදී.
මේ අතර, ශ්රී ලංකාවේ ප්රමුඛතම සන්නාම අතුරින් වඩාත්ම වටිනා අපනයන සන්නාමය ලෙසින් බ්රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් 2015, 2016 සහ 2017 වසර වලදී බ්රැන්ඩික්ස් තෝරාගෙන තිබේ.

බ්රැන්ඩික්ස් සමූහයේ ප්රධාන විධායක නිලධාරී අශ්රොෆ් ඕමාර් මහතා වසරේ ශ්රී ලාංකේය අපනයනකරු සම්මානය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා අතින් ලබා ගනී

බ්රැන්ඩික්ස් සමූහයේ නියෝජිතයින් ජනාධිපති අපනයන සම්මාන උළෙලෙහිදී දිනාගත් සම්මාන 5 අතැතිව
Video Story