ගෝලීය හුවමාරු සංසඳයෙහි (WFE) ප්‍රධාන විධායක නිලධාරී කොළඹ කොටස් හුවමාරුවෙහි නිල සංචාරයක

    September, 21, 2017

    කොළඹ කොටස් හුවමාරුව හා ගෝලීය හුවමාරු සංසඳය අතර පවතින සුවිශේෂ සබඳතාවය සහ කොළඹ කොටස් හුවමාරුව විසින් කලාපීය වශයෙන් ප්‍රාග්ධන වෙළෙපොළ සංවර්ධනය සඳහා ලබා දෙනු ලබන දායකත්වය අගය කරන බව  ගෝලීය හුවමාරු සංසදයෙහි  ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය පසුගිය දින  කොළඹ කොටස් හුවමාරුවෙහි පැවති දෛනික ගනුදෙනු ඇරැඹීමේ සීනුව නාද කිරීමේ උත්සවයට එක්වෙමින් සදහන් කලාය.

    “කොළඹ කොටස් හුවමාරුව ගෝලීය හුවමාරු සංසඳය සමග ක්‍රියාශීලීව කටයුතු කිරීම අප ආයතනයේ සාර්ථකත්වයට වැදගත්වෙනවා. මෙවැනි කොටස් වෙළෙඳපොළවල් ගෝලිය හුවමාරු සංසඳය (WFE) සමග හවුල්ව කටයුතු කිරීම තුලින්, අපට හිතෙනවා අපගේ කටයුතු හා අප සමාජිකයන් හට වඩා වැඩි ප්‍රතිලාභ ලගාකර දීමට සිදුකරන වැඩපිලිවෙලවල් නිසියාකාරව සිදුවන බව.” යනුවෙන් එතුමිය ප්‍රකාශ කළාය.

    වර්ධනය වෙමින් පවතින ආර්ථිකයක් තුල කොටස් හුවමාරුවක කාර්යභාර්යය ගැන එතුමිය අදහස් දක්වමින් පැවසුවේ “ ශ්‍රී ලංකාව වැනි රටවල් සදහා කොටස් වෙළෙඳපොළක කාර්යය ඉතා වැදගත් වෙනවා. කොළඹ කොටස් හුවමාරුව වැනි සුවිශේෂී වෙළෙඳපොළක් තුලින් වඩාත් ක්‍රමානුකුලව හා ගුණාත්මක සේවයක් ලබා දීමට හැකි වීම නිසා මෙය ආර්ථිකයේ වර්ධනයට හා සංවර්ධනයට පිටුවහලක් වෙනවා” යනුවෙනි.

    කොළඹ කොටස් හුවමාරුවෙහි සභාපති රේ අබේවර්ධන මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් පැවසුවේ ගෝලිය හුවමාරු සංසඳය විසින් වසර ගණනාවක් පුරා කොළඹ කොටස් හුවමාරුවට ලබා දුන් සහයෝගය අගය කරන බවයි. තවද පසුගිය මාසයෙහි තායිලන්තයේ බැංකොක් නුවර  පැවැත්වූ WFE පොදු සම්මේලනය හා වාර්ෂික මහා සභා රැස්වීමෙහි සාර්ථකත්වයට, එම මහතා සුකුමාර්  මහත්මියට ප්‍රශංසා කළේය. කොළඹ කොටස් හුවමාරුව අනිකුත් කොටස් හුවමාරු සමග ක්‍රියාශීලිව හා සහයෝගීව කටයුතු කිරීමේදී හා දියුණු වෙළෙදපොළවල් සමග අත්දැකිම් හුවමාරුවේදී හා අධ්‍යයනයේදී ගෝලිය හුවමාරු සංසඳය විසින් ලබා දුන් දායකත්වය එම මහතාගේ ඇගයිමට ලක් විය.

    1961 වර්ෂයේදී ස්ථාපිත කරනු ලබන මෙම ගෝලිය හුවමාරු සංසඳයෙහි මුලස්ථානය ලන්ඩන් නුවරෙහි පිහිටා ඇත. මෙය ලොව පුරා ඇති ව්‍යාපාර වස්තු හුවමාරු, නිෂ්කාශන ආයතන හා වෙළෙඳපොළ සේවා සපයන්නන් 200කට අධික සංගම් නියෝජනය කරන ගෝලීය සංගමයකි. කොළඹ කොටස් හුවමාරුව ගෝලිය හුවමාරු සංසඳයෙහි සමාජිකත්වය 1998 වර්ෂයෙහිදී ලබා ගත් අතර එය දකුණු ආසියාවේ පළමු සමාජිකයාද ලෙස වාර්තා විය.

    (වමේ සිට දකුණට) CSE ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා, CSE ප්‍රධාන විධායක නිලධාරී රජිව බන්ඩාරනායක මහතා, WFE ප්‍රධාන විධායක නිලධාරී නන්දිනී සුකුමාර් මහත්මිය, CSE සභාපති රේ අබේවර්ධන මහතා හා CSE අධ්‍යක්ෂ ශනිල් ප්‍රනාන්දු මහතා