විදුලිබිලට මූල්‍ය අරමුදල මැදිහත් වෙයි

    September, 29, 2017

    රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ රජය සතු වාණිජ ව්‍යවසායන් හි ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම ඉතා වැදගත් ප්‍රමුඛතාවයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර සිටී. අද (29) දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් විසින් නිකුත් කරන ලද නිවේදනයක මේ බව සඳහන් වේ.

    එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

    “රජය සතු වාණිජ ව්‍යවසායන්හි විශාල මූල්‍ය වගකීම් මගින් රාජ්‍ය මූල්‍ය අවදානම් පෙන්නුම් කරනු ලබන අතර එය, කාර්යසාධන දර්ශක අධීක්ෂණය ඉහළ නැංවීම, රජය සතු වාණිජ ව්‍යවසායන් සඳහා විශේෂිත වූ ප්‍රතිසංස්කරණ උපායමාර්ග වැඩිදියුණු කිරීම සහ ඉන්ධන සහ විදුලිබල මිල නියම කිරීමේ ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීම තුළින් කළමනාකරණය කර ගත යුතු වේ.“

    “තරඟකාරීත්වය වැඩි කිරීමට සහ පෞද්ගලික අංශය මුල් කරගත් වර්ධනය ඉහළ නැංවීම සඳහා දායක වන වර්ධනය වෙමින් පවතින වෙළෙඳ සහ ආයෝජන වටපිටාව සඳහා වූ පුළුල් පදනමකින් යුත් උපායමාර්ග ද දූත මණ්ඩලයේ පිළිගැනීමට ලක්වේ.“