October, 5, 2017
ආයෝජන ඉහළ නැංවීම සහ ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකාව සහ හංගේරියාව අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් ඇති කරගැනීම පිණිස සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
පසුගිය කාලසීමාව තුළ විදේශ වෙළඳාමේ ශීඝ්‍ර වර්ධනයක් අත් කරගැනීමට සමත්ව ඇති හංගේරියාව සමඟ පවතින ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කරගැනීම මඟින් යුරෝපා සංගමයට අයත් රටවල් තුළ වෙළඳපොළ පුළුල් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙනු ඇති බව රජයේ අදහසයි.
Video Story