October, 16, 2017
1990 විශේෂ පනතක් යටතේ පිහිටුවනු ලැබූ ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනයක් වන ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයෙන් සිදුකෙරෙන සේවාවන් පිළිබඳ වැඩිදුර තොරතුරු සාකච්ඡා කිරීම සඳහා එහි සාමාන්‍යාධිකාරී නන්දිමිත්ර ඇන්තනි මහතා අද දෙරණ Biz 24x7 සමඟින් පසුගිය දා එක්විය.
ශ්‍රී ලංකා මහ බැංකුව, වාණිජ බැංකු, මූල්‍ය හා කල්බදු ආයතන යන මූල්‍ය අංශයට සම්බන්ධ සෑම ආයතනයක්ම මෙහි කොටස්කරුවන් වේ. ඇන්තනි මහතා පවසන පරිදි ශ්‍රී ලංකාවේ ණය වෙළෙඳපොළේ ණය සපයනු ලබන ආයතනවලට පහසුවීම සඳහා ණය තොරතුරු ලබා දීම ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ මූලික කාර්යභාරය වේ.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී නන්දිමිත්ර ඇන්තනි මහතා සමඟ කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.
Video Story