සෙලින්කෝ ලයිෆ් 2016 වාර්ෂික වාර්තාවට ටෝකියෝ සම්මාන ප‍්‍රදානයේදී ARC සම්මාන ත‍්‍රිත්වයක්

    October, 19, 2017

    වාර්ෂික වාර්තාවන්ගේ විශිෂ්ටත්වය ඇගයීම සඳහා ලෝකයේ තිබෙන විශාලතම සහ ගෞරවණීය තරගයක් ලෙසින් සැලකෙන ARC සම්මාන ප‍්‍රදානයේ ටෝකියෝ නුවර පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් සමාගමේ 2016 වසරේ වාර්ෂික වාර්තාව සම්මාන තුනක් දිනාගැනීමට සමත්විය.

     

    ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ අංශයේ වෙළඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම මෙහිදී ‘Financial Data’ කාණ්ඩය යටතේ රිදී සම්මානයක් දිනාගත් අතර ‘Written Text’ ‘Interactive Annual Report’ යන කාණ්ඩ දෙක යටතේ ගෞරව සම්මාන දෙකක් දිනාගන්නා ලදී. මෙය පසුගිය වසරේදී සමාගම විසින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී දිනාගත් සම්මාන දෙක සමග සැසඳීමේදී ඉහළ ජයග‍්‍රහණයකි.

     

    MerComm Inc.විසින් පවත්වන ARC සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සම්මාන ලබාදීම සඳහා සලකා බලන්නේ නිර්මාණශීලීත්වයේ වටිනාකම්, සරලබව, කාර්යක්ෂමතාවය සහ විශිෂ්ටත්වය යන කරුණු වන අතර ඒ වෙනුවෙන් වාර්ෂික වාර්තාවන්ගේ කවර නිර්මාණය, සභාපතිවරයාගේ ලිපිය, ඇතුළත සැලසුම, අකුරුවල පැහැදිලිභාවය, ඡුායාරූප, ආයතනික තොරතුරු ඉදිරිපත් කර තිබෙන ආකාරය, මූල්‍ය දත්ත විස්තර කර තිබෙන ආකාරය සහ ආයතනයේ ජීවගුණය ඉදිරිපත් කර තිබෙන ආකාරය යන කරුණු සැලකිල්ලට ගනී.

     

    මෙහිදී, වැඩිම ලකුණු ලබාගත් වාර්ෂික වාර්තා 30% සඳහා ගෞරව, ලෝකඩ, රිදී සහ රන් සහතික ප‍්‍රදානය කරන ලදිග

     

    ‘ARCසම්මාන ප‍්‍රදානෝත්සවයේදී පිට පිටම දෙවන වසර සඳහාත් ගෞරවණීය සමාගම් අතරට තේරීපත් වීමට සෙලින්කෝ ලයිෆ් සමාගමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවාල’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අපි සෑම අවස්ථාවකදීම ්ඍක්‍ සම්මාන සඳහා සලකා බලන මූලික මූලධර්ම සඳහා අනුගත වූ අතර සමාගමක සන්නිවේදන කාර්ය සඳහා එහි වාර්ෂික වාර්තාව ප‍්‍රබල දායකත්වයක් ලබාදෙනවා. මේ තුළින් අනිවාර්යෙන්ම පෙන්වන්නේ සියළු කොටස්කාර පාර්ශවයන් වෙත සමාගම දක්වන අවංකත්වය සහ විනිවිදභාවයයි.’

     

    ‘ඔබගේ ජීවිත රක්ෂණ සහකරු හඳුනාගන්න’ (Know Your Life Insurer) යන තේමාවෙන් යුක්තව සෙලින්කෝ ලයිෆ් සමාගමේ පිටු 297 කින් යුක්ත කාබන් උදාසීන 2016 වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙන්නේ 2011 අංක 03 දරණ රක්ෂණ කර්මාන්ත නියාමන (සංශෝධිත) පනතේ 53 වන උප වගන්තියට අනුව ජීවිත රක්ෂණ කටයුතු සහ සාමාන්‍ය රක්ෂණ කටයුතු පසුගිය වසරේ සිට වෙන්කර පවත්වාගෙන යායුතු යැයි නීතිගත කිරීමෙන් පසුව එළිදැක්වූ දෙවන වාර්ෂික වාර්තාව ලෙසයි. මෙම වෙන්කර පවත්වාගෙන යාම ක‍්‍රියාත්මක වූයේ 2015 වසරේ සිටයි.

     

    ස්මාර්ට් මීඩියා ආයතනය විසින් මෙම වාර්තාව සකස් කර තිබෙන්නේ ස්මාර්ට් ඒකාබද්ධතා වාර්තාකරණ ක‍්‍රමවේදය, ජාත්‍යන්තර ඒකාබද්ධතා වාර්තාකරණ රාමුව සහ මාර්ගෝපදේශයන් මෙන්ම ශ‍්‍රී ලංකා වරළත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ මාර්ගෝපදේශනයන් භාවිතා කරමිනි.

     

    මෙම සම්මාන ප‍්‍රදානය කළ MerComm Inc. සන්නිවේදන ක්ෂේත‍්‍රයන්හි විශිෂ්ටතා ප‍්‍රමිතීන් අර්ථ දැක්වීමට සහ තම ආයතන හෝ ගනුදෙනුකරුවන්ට විශිෂ්ට දායකත්වයක් දක්වන පුද්ගලයින් ඇගයීම සඳහා තිබෙන ලොව එකම ස්වාධීන සම්මාන ආයතනයයි. MerComm සම්මාන වැඩසටහන එහි ස්වාධීන තෝරාගැනීමේ ක‍්‍රමවේදය හේතුවෙන් ලෝකය පුරා කීර්තියට පත්වී තිබේ.

     

    පිට පිටම හතරවන වරටත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් 2017 වසරේ මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස තෝරාගත් අතර සමාගම සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.