ප්‍රථම Passive House කර්මාන්තශාලා ගොඩනැගිල්ල විවෘත වෙයි

    October, 20, 2017

    කටුනායක, ආයෝජන ප්‍රවර්ධන කලාපයේ, ස්ටාර් ගාමන්ට්ස්හි ඉදිවූ ශ්‍රී ලංකාවේ ප්‍රථම Passive House වර්ගයේ කර්මාන්තශාලා ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට සහ එම කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවට ඊයේ (19) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

    මෙම අවස්ථාවට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අටුල් කෙෂාප්, කෝමාර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී චාලි කෝමාර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.