මුරුසියෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට ආ 8 වෙනි පුදුමය

    October, 24, 2017

    මුරුසි ජනරජයේ නීතිරෙගුලාසිවලට අනුව ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට අද (24) දින කටයුතු කළේය.

    ඒ ඇස්කොට් හෝල්ඩිංග්ස් හි එක් කොටස් 5,693,775 ක් මිලට ගැනීමෙනි.

    මේ සඳහා කොටසක් වෙනුවෙන් ගෙවූ උපරිම මිල රු. 42.50 ක් ලෙසින් සටහන් වේ.

    මෙය ඇස්කොට් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රාග්ධනයෙන් 44.98% ක ප්‍රමාණයකි.