මැලිබන් යහ පෝෂ, ලෝක ළමා දිනය වෙනුවෙන් අභ්‍යාස පොත් බෙදාදෙයි

    October, 25, 2017

    මැලිබන් ඩේරි ඇන්ඩ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) Maliban Dairy & Agri Products (Pvt) Ltd) සමාගම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තෝබර් මාසය පුරා දරු දැරියන් අතර අභ්‍යාස පොත් ලක්ෂයකට අධික ප‍්‍රමාණයක් නොමිලේ බෙදා දීමට කටයුතු යොදා තිබේ. මෙහි ප‍්‍රථම අදියර ලෙස කැළණි විහාරයේ දහම් පාසලේදී අභ්‍යාස පොත් 3,000 කට වැඩි සංඛ්‍යාවක් බෙදාදීම පසුගියදා සිදුකෙරිණි. මෙම අවස්ථාවට මැලිබන් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)  බන්දුල පෙරේරා මහතා සහ මැලිබන් බිස්කට් මනුෆැක්ටරීස් (පුද්.) සමාගමේ (Maliban Biscuit Manufactories (Pvt) Ltd) සමූහ ප‍්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් වීරසූරිය මහතා යන මහත්වරු සහභාගී වූහ.

    මෙම අවස්ථාවේ අදහස් දැක්වූ මැලිබන් සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) බන්දුල පෙරේරා මහතා මෙසේ ප‍්‍රකාශ කළේය. ‘‘ මැලිබන් ඬේරි ඇන්ඞ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) (Maliban Dairy & Agri Products (Pvt) Ltd) සමාගම විසින් වෙළඳපොලට නිකුත්කළ මැලිබන් යහපෝෂ ගුණවත් බවින් ඉහල ධාන්‍යමය ආහාරයක්. අප ආයතනය ශී‍්‍ර ලාංකීය ගොවියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන්ම කැපවී සිටිනවා. මෙවර ලෝක ළමා දිනය තේමා කරගනිමින් දියත්කරන මෙම වැඩසටහන, ලක්වාසි දරුවන්ගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම ඔවුන්ගේ පෝෂණ තත්වය ඉහළ නැංවීම උදෙසා ද මැලිබන් පවුල සිදුකරන තවත් එක් මෙහෙවරක් ලෙස හැඳින්විය හැකියි.’’

    මෙම වැඩසටහන යටතේ ඉදිරියේදී දිවයින පුරා දරු දැරියන් අතර අභ්‍යාස පොත් 100,000 කට වැඩි සංඛ්‍යාවක් බෙදාදෙනු ඇත. සෑම වසරකදීම මෙවැනි ප‍්‍රජා සත්කාරයන් රැුසක් සිදුකරන මැලිබන් ඬේරි ඇන්ඞ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) සමාගම මූලික වශයෙන් ක‍්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසරය සහ අනෙකුත් සමාජ සුභසාධන අංශ පිළිබඳව අවධානය යොමුකරයි.

    මැලිබන් නිවසින් එන රසවත් හා ගුණවත් නිෂ්පාදනයක් වන යහ පෝෂ නිපදවනු ලබන්නේ දඹුල්ලේ පිහිටි අතිනවීන කර්මාන්තශාලාවක් තුළය. දරුවන් තුළ මන්දපෝෂණය ඇතිවීම වැළැක්වීම සඳහා, කලක පටන් පැවති අවශ්‍යතාවක් සපුරාලමින්, පෝෂ්‍යදායී සහ රසවත් ස්නැක් එකක් ලෙස යහ පෝෂ සකස් කර තිබේ. ගොවීන් 750 කට අධික පිරිසකගෙන් ලබාගන්නා ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින්, රසයෙන් හා ගුණයෙන් අනූනව, පහසුවෙන් ආහාරයට ගත හැකිවන පරිදි යහ පෝෂ සකස් කර ඇත. දරුවන්ගේ වර්ධනයට හා යහපැවැත්මට අවශ්‍ය විටමින්, කැල්සියම් සහ ඛනිජ ලවණ සහිත සංයෝගයක් සමගින් යහ පෝෂ සකස් කර තිබේ. උසස් සෞඛ්‍යාරක්ෂිත ප‍්‍රමිතීන් අනුගමනය කරමින් නිෂ්පාදනය කරනු ලබන යහ පෝෂ දවස ඇරඹීමට සුදුසුම පෝෂ්‍යදායී, රසවත් ආහාරයකි.

    ශ‍්‍රී ලාංකික පාරිභෝගිකයන්ට උසස්ම ප‍්‍රමිතියෙන් යුත් ආහාර නිෂ්පාදන තිළිණ කිරීමේ අරමුණ ඇතිව 2009 වසරේදී මැලිබන් ඬේරි ඇන්ඞ් ඇග්රි ප‍්‍රඩක්ට්ස් (පුද්.) සමාගම ආරම්භ කරන ලදි. එමෙන්ම එය මෙරට ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකරමින් සිටී.  රටේ කෘෂිකර්මාන්ත නැංවීමට නම් අනිවාර්යයෙන්ම ගොවීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කළයුතු බව මැලිබන් සමාගමේ විශ්වාසය වේ. යහ පෝෂ නිෂ්පාදනය ආරම්භ වීමත් සමග ගොවීන්ට නව වගා ක‍්‍රම හඳුන්වාදෙමින් ඔවුන්ට සිය අස්වැන්න අලෙවි කරගැනීම සඳහා වැඩි අවස්ථා උදාකරදීමට මැලිබන් සමාගම දීර්ඝකාලීන සැලසුම් සකස්කර ඇත. එමගින් සමාගමේ දියුණුවට සමගාමීව ගොවීන්ටද වඩාත් හොඳ ජීවන තත්ත්වයක් උදා වේ.