October, 25, 2017
ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන වර්තමාන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.
ඒ අනුව, දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කොටස් වෙළඳ පොළ නියාමන ආයතන විසින් අනුගමනය කරනු ලබන නියාමන මූලධර්ම හා ප්රමිතීන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාව සඳහා යෝජිත 'සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත' සකස් කරනු ලැබ තිබේ.
ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා එකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story