හම්බන්තොට තෙල් ටැංකි හිස් කිරීම කඩිනම් කෙරේ

    October, 25, 2017

    හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO - 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ.

    ඒ අනුව, සිදු කර ඇති තරගකාරී මිල ගණන් කැදවීම අනුව තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි එම ඉන්ධන තොගය ඉන්ටර්ඕෂන් එනර්ජි පෞද්ගලික සමාගම වෙත ඇමරිකානු ඩොලර් 3,220,800ක මුදලකට ලබා දීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.