විදේශ විනිමය පනත ක්‍රියාත්මක වීම දින 20 කින් කල් යයි

    November, 1, 2017

    2017 අංක 12 දරන විදේශ විනිමය පනත ක්‍රියාත්මක විය යුතු දිනය 2017 නොවැම්බර් මස 20 වන දින බව, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතු අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබේ.

    මීට පෙර 2017 ඔක්තෝබර් 13 වන දින අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත්කරමින් සඳහන් කෙරුණේ මෙම පනත අද (01) දින සිට ක්‍රියාවට නැංවෙන බවයි. මේ අනුව 2017 ඔක්තෝබර් 13 වන දින දරන අති විශේෂ ගැසට් පත්‍රය මේ අනුව අවලංගු වනු ඇත.