November, 2, 2017
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන “ඵලදායී ආයෝජනයකට මුලික පියවර” වැඩසටහන කොටස් වෙළෙඳපොළ ශ්‍රවණාගාරයේදී නොවැම්බර් 6, 8, 10, 13 සහ 15 දිනයන්හී ප.ව 5.30 සිට ප.ව 8.30 දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහන තුලින් කොටස් ආයෝජනය පිළිබඳව අවබෝධයක් ලබා ගත හැකි අතර මුල්‍ය ප්‍රකාශන අවබෝධ කර ගැනීම, කොටස් තෝරා ගැනීම සහ තීරණ ගැනීම, ආයෝජනය ආරම්භ කිරීම සහ තැරව්කාර ආයතන සමඟ සම්බන්ධ වීම පිලිබඳව දැනුමක් ලබා ගත හැක.
2017 වර්ෂය තුල කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු වර්ධනයක් පෙන්වා ඇත. එනම් සියලු කොටස් මිල දර්ශකය ඔක්තෝබර් මස අවසානයෙදී 6.25% වර්ධනයක්ද, S&P ශ්‍රී ලංකා 20 දර්ශකය 11.53% වර්ධනයක්ද පෙන්වා ඇති අතර එවන් වර්ධනයක් සමග දේශීය හා විදේශීය ආයෝජකයින් අතර වෙළෙඳපොළ කෙරෙහි ඇති උනන්දුවද වැඩිවෙමින් පවති.
මෙම වැඩසටහන සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙන අතර වැඩි විස්තර www.cse.lk වෙබ් අඩවියෙන් සහ 011-2356517හෝ 011-2356514 යන දුරකථන අංකවලට ඇමතීමෙන් ලබාගත හැක.
Video Story