November, 7, 2017
මෙරට ජනතාවගෙන් වැඩි ප්‍රමාණයක් මද්‍යසාර භාවිතා නොකරන අතර පළමුවෙන්ම එම පිරිස ආරක්ෂා කර දෙවනුව භාවිතා කරන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි හා මද්‍යසාර භාවිතය අඩු කරන්නේ කෙසේද යන්න පිළිබඳව මද්‍යසාර ප්‍රතිපත්ති සැකසීමේ දී අවධානයට ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මද්‍යසාර හා දුම්කොළ පිළිබද කමිටුවේ සාමාජිත වෛද්‍ය සජීව රණවිර මහතා පැවසීය.
ඒ මහතා මේ අදහස් පළ කළේ අද (7) ශ්‍රී ලංකාවේ මද්‍යසාර සම්බන්ධ ජාතික ප්‍රතිපත්ති සකස් විය යුතු අයුරු පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.
මේරටේ අවුරුදු 15ට වැඩි පිරිමින්ගෙන් 35- 40ත් අතර ප්‍රමාණයක් ද කාන්තාවන්ගෙන් 1%ක් ද මද්‍යසාර භාවිත කරන අතර 80%කට වැඩි ප්‍රමාණයක් මද්‍යසාර භාවිත නොකරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික මද්‍යසාර අධිකාරිය හා ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය එකතුවෙන් කළ පර්යේෂණයක් අනුව මෙරට එක් වර්ෂයක් සඳහා මද්‍යසාර භාවිතයෙන් හා සිදුවන ආර්ථික හානිය රුපියල් බිලියන 120 ක් බවත් එය අවම කිරීම සඳහා ද ප්‍රතිපත්ති සකස් විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.
එමෙන්ම යහපත් සෞඛ්‍යයක් ගොඩනැඟිය හැකි, ගෘහස්ථ ප්‍රචන්ඩත්වය අඩු කළ හැකි රිය අනතරු අඩුකළ හැකි ප්‍රතිපත්ති තීරණයක් ගත යුතු බව ද රණවිර මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
ඕනෑම රටක මධ්‍යසාර සම්බන්ධයෙන් ඇති නීති රීති වෙනස් කළ යුතුය. නමුත් එයට සාධාරණ විනිවිද පෙනෙන සුළු අමුණක් තිබිය යුතු බව මෙහිදී මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු අමරසේකර මහතා පැවසීය.
මේ අවස්ථාවට ස්විඩනයේ මද්‍යසාර හා මත් ද්‍රව්‍ය තොරතුරු පිළිබඳ කවුන්සිලයේ අධ්‍යක්ෂ ආචාර්ය හෝකන් මහතා ද සහභාගී විය.
Video Story