චීන සහයෝගයෙන් මෙ‍ගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොටට

    November, 8, 2017

    හම්බන්තොට ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත කර්මාන්ත කලාපයට විදුලිය ලබා දීමේ මූලික අරමුණින් සහ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා චීන රජය හා ශ්‍රී ලංකා රජය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් වශයෙන් මෙ‍ගාවොට් 400ක ස්වාභාවික වායු විදුලි බලාගාරයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ.

    එම ව්‍යාපෘතිය, චීන රජය මඟින් නම් කර ඇති China Machinery Engineering Corporation (CMEC) සමාගම සහ ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව බද්ධ ව්‍යාපාරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.

    යෝජිත ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කර ඇති දීර්ඝකාලීන බලශක්ති සැලැස්මට ඇතුළත් කර අදාළ අනුමැතීන් සහිතව ක්‍රියාත්මක කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.