යුනයිටඩ් මෝටර්ස් කොටස් ගනුදෙනුවෙන් රුපියල් බිලියන 2.3 ක දැවැන්ත පිරිවැටුමක්

    November, 8, 2017

    යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි කොටස් මිලියන 30.271 ක් අද උදෑසන ගනුදෙනු වීමත් සමඟ ම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2 හි සීමාව ඉක්මවා යන ලදී.

    මෙහිදී එක් කොටසක් රු. 78.00 බැගින් ගනුදෙනු වූ අතර මෙම ගනුදෙනුව තුළින් පමණක් රුපියල් 2,361,138,000.00 ක පිරිවැටුමක් වාර්තා විය.

    2017 ජූනි 30 දින අතුරු මූල්‍ය ප්‍රකශයට අනුව යුනයිටඩ් මෝටර් ලංකා පීඑල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 61.20% ක් හෙවත් කොටස් 61,750,266 ක හිමිකාරීත්වය දරනු ලබන එම්.ඒ. යාසීන් මහතාගේ අයිතියෙන් පංගුවක් මෙලෙස ගනුදෙනු වී ඇති බවට කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කර සිටී. වාර්තාවන අන්දමට මෙය අභ්‍යන්තර පාර්ශවයීය ගනුදෙනුවකි.