November, 9, 2017
මේ වන විට රජය සෘජු බදු ඉහළ දැමීම කෙරෙහි යොමුවන බවට මූලික වශයෙන් උපකල්පනය කළ හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය. අද (09) දින අද දෙරණ 24x7 පූර්ව අයවැය විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අයවැයේ බදු ප්‍රතිපත්තිය කුමන ආකාරයේ විය යුතුද යන්න පිළිබඳව අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා,
“දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ආදායම 13% ක් පමණ වෙනවා. රජයේ වියදදම 19%-20% අතර මට්ටමක පවතින අවස්ථාවක, අයවැය හිගය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදියට 5%-6% ත් අතර ප්‍රමාණයක් වෙනවා. මෙම හිඟය පියවීමට ණය ගන්න වෙනවා. මෙම ණය ගැනීම ක්‍රමානුකූලව අවම කරන්නට නම්, රජය ප්‍රකාශ කරන පරිදි ණය බරින් රට නිදහස් කරන්න අපේක්ෂා කරනවා නම්, අනිවාර්යයෙන්ම අපි බදු ආදායම ඉහළ දැමිය යුතුයි. ඒ පිළිබඳ තර්කයක් නැහැ.“
“රජය ඉදිරිපත් කරලා තියෙන ආකාරයෙන් සෘජු බදු අංශයෙන් මේ බදු ආදායම ඉහළ නංවනවා නම්, එය වඩා යෝජ්‍ය බවයි මාගේ අදහස. නමුත් මෑත කාලීන තියෙන අත්දැකීම තමයි සෘජු බදු හරහා බදු ආදායම එකත් කිරීම එතරම් පහසු කාර්යයක් නොවන බව. එම නිසා රජය නව යෝජනා ඉදිරිපත් කරන කොට, එම යෝජනා ක්‍රියාවට නැංවීමේ යාන්ත්‍රණයත් ඒ සමඟම ඉදිරිපත් කළ යුතු වෙනවා.“
Video Story