2018 දී සියයට 6 ට අඩු උද්ධමනයක්

    November, 9, 2017

    එළඹෙන වසරේ දී සියයට  5 ක ආර්ථික වර්ධන වේගයක් බලාපොරාත්තු වන බව පැවසූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා 2018 දී උද්ධමනය සියයට 6 ට අඩු මට්ටමක පවත්වා ගැනීමට අරමුණු කර ගන්නා බව ද පැවසීය.

    මීට අමතරව අයවැය පරතරය, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙසින් 4.5% ක මට්ටමක පවත්වා ගැනීමට ඉලක්ක කරනු ලබන බව ද 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේය.