ත්‍රී රෝද රියැදුරන් සංචාරක මග පෙන්වන්නන් බවට පුහුණු කෙරේ

    November, 9, 2017

    ත්‍රී රෝද රථ හ ඒවායේ රියැදුරන් සම්බන්ධයෙන් යෝජනා කිහිපයක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිය අයවැය කතාවේ දී අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී වැඩිදුරටත් මුදල් අමාත්‍යවරයා මෙසේ පැවසීය.

    “ත්‍රී රෝද රථ විදුලි බලයෙන් ධාවනයට පත් කිරීම සඳහා මේ වන විටත් අයවැයෙන් වැඩකටයුතු යොදා තිබෙනවා.“

    “ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය හා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් සංචාරකයින්ට හිතකර ටුක් ටුක් සංකල්පය හඳුන්වා දීමේ වැඩසටහනක් රට පුරා සංචාරකයින් බහුල ප්‍රදේශවල ත්‍රී රෝද රථ රියැදුරන් සඳහා ආරම්භ කරනවා. “

    “එහිදී ත්‍රි රෝද රථ රියැදුරයන් සංචාරක මග පෙන්වන්නන් ලෙස පුහුණු කරනු ලබන අතර ඔවුන් එම කාර්යාංශයේ ලියාපදිංචි කරනු ලබනවා. එසේ ලියාපදිංචි වන අයට Tourist Board Approved Tuk Tuk ස්ටිකරය ලබා ගැනීමට අවස්ථාව ලැබෙනවා.“