November, 15, 2017
2017 සැප්තැම්බර් 30 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව වෙනවෙන් ලංකා දුම්කොළ සමාගම වාර්තා කර ඇති ආදායම 2016 වසරේ සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ වාර්තා කරන ලද ආදායම වූ රුපියල් මිලියන 39,481 සිට රුපියල් මිලියන 36,192 දක්වා 8.33% කින් පහළ ගොස් තිබේ. මීට සමගාමීව රජයේ බදු ආදායමද පසුගිය කාර්තුව තුළ දී රුපියල් මිලියන 30,249 සිට රුපියල් මිලියන 27,994 දක්වා 7.45% කින් පහළ ගොස් ඇත.
මේ අතර දුම්කොළ සමාගම විසින් 2017 සැප්තැම්බර් 30 න් අවසන් කාර්තුව තුළ ලබා ඇති ශුද්ධ ලාභය රුපියල් මිලියන 3,818 ක් ලෙසින් වාර්තා වෙන අතර එය පසුගිය වසරේ අදාළ කාලපරිච්ඡේදයේ වාර්තා වූ ලාභ වටිනාකම වූ රුපියල් මිලියන 4,431 හා සැසඳීමේ දී 13.83% ක අඩුවීමකි.
2017 වසරේ පළමු මාස 09 තුළ දී ලංකා දුම්කොළ සමාගම රුපියල් මිලියන 103,394 ක ආදායමක් උපයා ඇති අතර එය 206 වසරේ පළමු මාස 09 තුළ වාර්තා කරන ලද රුපියල් මිලියන 99,124 ක ආදායම හා සැසඳීමේ දී 4.30% ක වර්ධනයකි.
මේ අතර වසරේ පළමු මාස 09 තුළ දී දුම්කොළ සමාගමෙන් ලද රජයේ බදු ආදායම රුපියල් මිලියන 74,937 සිට රුපියල් මිලියන 79,923 දක්වා 6.65% කින් වැඩිවී තිබේ.

Video Story