අයවැයට පෙර ගෙන්වූ වාහනවලට තීරු බදු වැඩි වෙන්නේ නැහැ

    November, 17, 2017

    මෙරටට වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් අයවැය 2018 මගින් ප්‍රකාශයට පත්කරන ලද ප්‍රතිපත්ති තවදුරටත් ලිහිල් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.

    ඒ අනුව නොවැම්බර් 09 වන දිනට ප්‍රථම, වාහන ආනයනය කිරීම සඳහා විවෘත කර ඇති ණයවර ලිපි (LC) මගින් මෙරටට ගෙනඑනු ලබන වාහන අයවැයට පෙර පැවති තීරුබදු ප්‍රකාරව නිශ්කාශණය කිරීමට අදාළ පුද්ගල ආනයනකරුවන්හට අවසර දෙනු ලැබේ.

    කෙසේ වෙතත් මෙසේ ආනයනය කරනු ලබන වාහන පැරණි තීරුබදු ක්‍රමය යටතේ 2018 අප්‍රේල් මස 30 දිනට ප්‍රථම නිශ්කාශණය කරගත යුතුවේ.